සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මනෝ උපදේශනය ඉතා වැදගත් කාල වකවානුවක රාජ්‍ය නිලධාරීන්ට යහපත් මහජන සේවයක් ලබා දීමටත් , තම පෞද්ගලික ජිවිතය සාර්ථකව ගත කිරිමටත් අවශ්‍ය උපදෙස් ලබා දීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මනෝ විද්‍ය සංවර්ධන පුහුණුකරු නුවන් රණවීර මහතා විසින් මෙම දැනුවත් කිරිම සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක විසින් සම්බන්ධීකරණය කරන ලදුව බෙරන්ඩිනා සංවර්ධන පදනම මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබා දි තිබුණි.

දිස්ත්‍රික් පුහුණු ඒකකය සංවිධානය කළ මෙම වැඩසහන සඳහා දිස්ත්‍රික් මනෝ උපදේශන නිලධාරි රේණුකා ජයරත්න මහත්මිය විසින් සම්පත් දායකත්වය සඳහා සම්බන්ධීකරණය සිදු කරන ලදී.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන් , කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය ඇතුලු කාර්යාලීය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.