පහල ලෙනගල ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නංවලීම අරමුණු කරගනිමින් ශ්‍රම ශක්ති සංගමය වසර දෙකක් මුළුල්ලෙ පවත්වා ගෙන යනු ලබන සති පොල සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් සංගමයේ සාමාජිකයින්ගේ දායකත්වය මත සකස් කර විවෘත කිරීම පසුගියදා (28) පෙරවරුවේදී සෙත් පිරිත් හඩ මැදින් සිදු විය.
පහල ලෙනගල ආර්ථික සංවර්ධන නිලධාරී ඉඳුනිල් සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ප්‍රජා එකමුතුව ආරම්භ කර පවත්වා ගෙන යන අතර ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ, අමුද්‍රව්‍ය සාමාජිකයින්ට ලබා දීම ද සංගමය මඟින් සිදු වන අතර මේ වන විට රුපියල් එක් ලක්ෂ තිස් දහසක පමණ වටිනා ස්වයං රැකියා උපකරණ සාමාජිකයන් 16දෙනෙකු වෙත ලබා දී ඇත. රජයේ කිසිදු ප්රතිපාදනයක් නොමැතිව ස්වේච්ඡා සංවිධානයක් විසින් ඉදි කල දිගින් වැඩිම පොල භූමියක් ලෙස මෙම පොල පෙන්වා දිය හැකි අතර මින් ඉදිරියට ඉතා පහසු මිලකට එම වසමේ නිශ්පාදනය ඇතුලත් භාණ්ඩ මිලදී ගැනීමේ පහසුමකම පාරිභෝගිකයන්ට උදා වේ.
තවද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සිදුවන්නා වූ වන සත්ත්ව හානිය පිළිබඳව කොට්ඨාසයේ වසම් 11ක පවුල් 225 ක් ආශ්රයෙන් ඉඳුනිල් සේනානායක මහතා විසින් සිදු කල සමීක්ෂණ ආශ්රයෙන් සකස් කල වාර්තාව සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය වෙත ලබා දීම ද මෙම අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් සිදු කරන ලදි.
2023 වසරේ හදබිම අධිකාරිය මඟින් සිදු කල වැඩසටහනට සමගාමීව සූර්ය විදුලි වැටවල් තුනක් ප්‍රතිලාභීන් වෙත ලබාදීම ද මෙම අවස්තාවට සමගාමීව සිදු විය.
එම අවස්තාවට ලෙනගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අම්පේ සීවලී ස්වාමීන් වහන්සේ ඇතුලු විහාරවාසී ස්වාමීන් වහන්සේ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක,ප්‍රාදේශීය ලේකම් රංගන සජීව, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල්. ප්‍රියදර්ශනී හා රාජ්‍ය නිලධාරීන්, ශ්‍රමශක්ති සංගමයේ නිලධාරී ඇතුලු සියලුම සාමාජිකයින්, ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි විය.




































