කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ කෑගලු දිස්ත්‍රික් දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩ ගැන්වුණු "කෑගලු ව්‍යවසාය " - 2024 අද පෙරවරුවේ දි අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතාගේ සුරතින් කෑගල්ල නගර සභා ශාලාවේ දි විවෘත කෙරිණි.

අප්‍රේල් මස 08, 09 හා 10 තෙදින පුරා පෙගව 9.00 සිට 6.00 වන තෙක් විවෘතව පවතින මෙම අලෙවි ප්‍රදර්ශනය තුලින් ආහාර නිෂ්පාදන, නිමි ඇඳුම්, බෑග් හා පාවහන්, අත්කම් හා විසිතුරු නිර්මාණ, මල් හා පැළ වර්ග ඇතුලු නිෂ්පාදන රැසක් සහන මිලට මිලදී ගැනීමට අවස්ථාව උදා වේ.

එම ආරම්භක අවස්ථාව සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරිතුමිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය, අභ්‍යන්තර විගණකතුමිය ඇතුලු මාන්ඩලික නිලධාරින්, ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.