පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මැනුම් සම්බන්ධ පුහුණු වැඩසටහනක් පසුගියදා ( 26) දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවනාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල රජයේ ඉඩම්වල මැනුම් කටයුතු වලදී ඇති වන ගැටලු, මැනුම් ඉල්ලීම් හා ඒ සම්බන්ධ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම මෙහි දී සිදු කෙරිණි.
මෙම වැඩසටහනෙහි සම්පත්දායකත්වය සදහා පළාත් මින්න්දෝරු අධ්යක්ෂ ජනරාල් එම්. එන් අමරසිරි, ජේෂ්ඨ මිනින්දෝරු අධිකාරි කේ.එම්. එස් .එන් කැකුලන්දර, මිනින්දෝරු අධිකාරි මනෝජ් පියසිරි යන මහත්වරුන් එක්ව සිටි අතර මෙම පුහුණුව සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්රික් පුහුණු ඒකකය මගිනි.
එම අවස්තාවට දිස්ත්රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, ප්රාදේශීය ලේකම්වරුන් , සහකාර ප්රාදේශීය ලේකම්වරුන් , ඉඩම් නිලධාරින් හෝ ජනපද නිලධාරින් එක්ව සිටියහ.


















