ගෘහස්ථ වායු තත්ත්ව මාර්ගෝපදේශ සංග්‍රයට අදාළව විවිධ ක්ෂේත්‍රයන් සහ මහජනතාව දැනුවත් කිරිමේ අරමුණින් යුතුව පරිසර අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන දැනුවත් කිරිමේ හා පුහුණුකරවන් පුහුණු කිරිමේ වැඩ සටහන් මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් වැඩ සටහන අද (31) කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වාතයේ ගුණාත්මකභාවය මිනිසාගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සදහා අතිශයෙන් වැදගත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව , වායු දුෂණයේ බලපෑම හේතුවෙන් ලොව පුරා වසරකට මරණ හතක් පමණ වාර්ථා වේ. . එක්සත් ජාතින්ගේ පරිසර ආරක්ෂණ ඒජන්සියට අනුව ගෘහස්ථ වාතය එළිමහන් වාතයට වඩා 2.5 ගුණයකින් දුෂිත විය හැකි අතර සමහර අවස්ථාවලදි එම අගය 100 ගුණයක් දක්වා දුෂිත විය හැකි බව දක්වා ඇත.
අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇති පරිදි මිනිසා තම කාලයෙන් 90% ක් පමණ ගෘහස්ථව ගත කරන බැවින් , ගෘහස්ථ වාතයේ ගුණාත්මකතාව ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්ය. ඒ පිළිබඳව සැලකිල්ට ගනිමින් පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමණාකරණ සහ ජාතික ඹ්සෝන් ඒකකය මගින් නිවෙස් හා පොදු ස්ථාන වල ගෘහස්ථ වායු තත්ත්ව කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් එළි දක්වන ලදී.
මෙහිදි වායු දුෂණය සහ වායු තත්ත්ව කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීම කෙසේ සිදු වන්නේද යන්න පිළිබඳව පැහැදිළි කිරිමක් වායු සම්පත් කළමණාකරණ සහ ජාතික ඔසෝන් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ තිසරි ඉනෝකා මහත්මිය විසින් සිදු කලාය.
මෙම වැඩමුථව සඳහා ගෘහස්ථ වායු තත්ත්ව කළමනාකරණ මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරිමක් කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරියේෂණ සහකාර ආර්.එන්. ආර්. ජයරත්න මහතා විසින්ද වායු දුෂණයේ සෞඛ්‍යමය බලපෑම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යනාංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය විසින් සිදුකරනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමණාකරණ හා ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂ අනුෂා රුක්ෂාණි මහත්මිය,සහකාර පළාත් පාලන කොමසාරිස්, මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් අධ්‍යක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අනුයුක්ත නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වුහ.