ඩිජිටල් ආරථිකය සඳහා නිපුණතා නැංවිමේ සහ රැකියා වෙළෙඳපොළ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සහ NVQ LEVEL 04 සමත් තරුණ තරුණියන් දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (09) දින තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

රැකියා විරහිත තරුණ තරුණියන් 300 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වු අතර ලියාපදිංවිය හා හදුන්වාදීම එහිදි සිදු කෙරිණි.

එම අවස්ථාවට අතිරේක ලේකම් ලේකම් කේ.ජි.එස්.නිශාන්ත, තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ජේෂ්යඨ කළමනාකාර කසුන් තාරක, Idea Gate ආයතනයේ ඉංජිනේරුවන් වන මාවන්ත දිල්ෂන්, ඉමේෂා රත්නායක යන මහත්ම මහන්මින්ලා හා දිස්ත්‍රික් රැකියා අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.