වත්කම් කළමනාකරණය හා ගබඩා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද දින (224 06 11) දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් J. M. R. P. ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන්. දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් මෙම පුහුණු පාඨමාලාවේ අරමුණ පැහැදිලි කිරීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙහිදී පළාත් සභා ප්‍රධාන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී B. T. J. අබේසේකර මහතා වැඩසටහනෙහි සම්පත් දායකත්වය දැරු අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගබඩා භාරකරුවන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගබඩා නිලධාරීන් මේ සඳහා සහභාගි විය. මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු ඒකකය මගිනි.