දිස්ත්‍රික් සංස්කෘතික අංශය දියත් කරනු ලබන "සදදිය නිම්නය" ගීතමය රසවින්දනාත්මක වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම ඊයේ (26) දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

සෞන්දර්‍යාත්මක හැගීම් ඔස්සේ පවතින කාර්‍යබහුල ජීවන රටාවට යම් අස්වැසිල්ලක් ලබා දීමටත්, සොදුරු මිනිස්සුන් පිරි සමාජයක් නිර්මාණය කිරීමටත්, ගීතය තුල ඇති අරුත් ඔස්සේ රසවින්දනාත්මක හෝරා කිහිපයක අත්දැකීමක් බෙදාගැනීමටත් මෙහිදී අවස්ථාව හිමි වූ අතර මෙවර ගීත විචාරය සදහා එක්වූයේ දිස්ත්‍රික් ඉංජිනේරු සාරානාත් විමලචන්ද්‍ර මහතා ය.

සුපුරුදු පරිදි ගීත ගායනයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුලු දිස්ත්‍රික් සංස්කෘතික අංශය මෙම රසවින්දනාත්මක වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස්. නිශාන්ත යන මහත්වරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.