කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා සියලුම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත ලයිකා ඥානම් පදනම සංවිධානය කල අපද්‍රව්‍ය ඒකක සදහා කසළ බදුන් කට්ටල පිරිනැමිමක් ඊයේ (04) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම වැඩසටහන සදහා පූර්ණ අනුග්‍රහය ලබා දෙමින් එම කටයුතු සංවිධානය කරන ලද්දේ ලයිකා ඥානම් පදනමේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී වසන්තා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු එම කාර්ය මණ්ඩලය විසින් වන අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධිකරණය කරන ලද්දේ දිස්ත්‍රික් සැලසුම් අංශය මගිනි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත ,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන් යන මහත්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජ්‍ය හා සහකාර සැලසුම් අධ්‍යක්ෂකවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.