තෙවන කාර්තුවට අදාල දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.
මෙහිදි ගිණුම්කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කිරීම,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශ්‍රාම වැටුප් අක්‍රමිකතා,පොදු දේපල පනත යටතේ නඩු පැවරීම්,2014 වර්ෂය ඉදිකළ වරකාපොල බස් නැවතුමේ ඉදිකිරීම් පිළිබඳ කරුණු විමසා බැලීම් , මහල් දෙකකින් යුත් තුත්තිරිපිටිය බස් නැවතුමේ ඉදිකිරීම් අවසන් නොකිරීම පිළිබඳ කරුණු විමසීම ,ණය ශේෂය හා පොලී අයකර ගැනීම පිළිබඳ කාරක සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පසු විපරම් කිරීම ආදී කරුණු ඇතුළත්ව ගැටලු හා යෝජනා රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට zoom ඔස්සේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.ඒ.එන්.ඒ සුභසිංහ මහතා හා කළමණාකරණ විගණන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ යු. පී. විජේහේවා මහත්මිය අදහස් දැක්වීම සඳහා එක්වුහ.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම) දලීප් නිශාන්ත , සබරගමුව පළාත් ජේයෂ්ඨ සහකාර විගණකාධිපති එම. ජී මදරසිංහ මයා ප්‍රධාන විගණන අධිකාරි එන්.එම්.පී.එච්. වික්‍රමසිංහ, අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන, ප්‍රධාන ගණකාධිකාරී චන්දනී නිල්මල්ගොඩ, යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජ්‍ය සහ සහකාර සැලසුම් අධ්යක්ෂවරුන්, ගණකාධිකාරිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
























