පාර්ලිමේන්තු මැතිවරණය -2024 සදහා කෑගල්ල දිස්ත්‍රික්කය සදහා සියලුම කටයුතු සූදානම් වෙමින් පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී / දිසාපති රංජන ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2024 ට අදාලව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරීම සදහා මේ වන විට ලියාපදිංචි ජන්ද දායකයින් සංඛ්‍යාව 709,622 කි. දිස්ත්‍රික්කයේ ජන්ද බල ප්‍රදේශ 09ක් සඳහා බල පවත්වන මෙම මැතිවරණයේ දි පිලිගත් දේශපාලන පක්ෂ 14ක් හා ස්වාධන කණ්ඩායම් 04ක් ආසන 09ක් සඳහා තරඟ වදී.
මෙවර මැතිවරණයේදි ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍ර 02 ක් ලෙස කෑගලු බාලිකා විද්‍යාලය හා ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය ක්‍රියාත්මක කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 85කි. එයින් මධ්‍යස්ථාන 23ක් තැපැල් ජන්ද හා මධ්‍යස්ථාන 62ක් සාමාන්‍ය ජන්ද ගණනය කිරිම සඳහා වෙන්කර ඇත.
ජන්ද රාජකාරී සදහා පොලිස් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2500කට ආසන්න පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් 8400කට වඩා වැඩි පිරිසක් එක් වේ.
පාර්ලිමේන්තු මැතිවරණය 2024 ට අදාලව තැපැල් ජන්ද ප්‍රකාශ කිරිම පසුගිය 30,01,04,07,08 යන දින වල සිදු කළ අතර නොවැම්බර් 14 අනෙකුත් සියලුම පුරවැසියන් ජන්ද ප්‍රකාශය කිරිමට නියමිතයි.


























