දස වන පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ 2024පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 577 කදී ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන 7.00 ආරම්භ කෙරිණි.

මේ වන විට ඡන්ද දායකයන්ගේ පැමිණීම යහපත් මට්ටමකින් දැකගත හැකි වන අතර යහපත් කාලගුණික තත්ත්වයක්ද පවතී.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකින් සංඛ්‍යාව 709622කි. සවස හතර වන තෙක් ඡන්ද දායකයින් සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.