ජාතික ළමාරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පාසල් ආරක්ෂක කමිටු (සුරැකුම් පව්ව ) වැඩසටහන සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ හමුවක් අද (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.
පාසල් කේන්ද්‍ර කර ගනිමින් පාසල් ආරක්ෂක කමිටු ඇති කිරීමෙහි මූලික අරමුණු අතර සියලු ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් ළමුන් ආරක්ෂා කිරීම,අපයෝජනයන්ට ගොදුරු වී ඇති දරුවන් රහසිගත ලෙස හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව සහතික කිරීම, අධ්‍යාපන ක්‍රියාවලියේදී පසුගාමී දරුවන් පන්ති මට්ටමින් හඳුනා ගනිමින් අවශ්‍ය උපදේශනය ලබා දීම, දරුවන්,දෙමාපියන් සහ ගුරුවරුන් අතර සහ සම්බන්ධතාවය ඉහල නැංවීම ඇතුළු කරුණු කිහිපයකින් සමන්විත වේ.
2011 වසරේදී ආරම්භ කෙරුණු මෙම පාසල් ළමා ආරක්ෂණ කමිටු ස්ථාපනය කෙරුණද එහි ක්‍රියාකාරීත්වයෙහි පවතින මන්දගාමීත්වය හේතු කරගෙන හේතුකරගෙන. යළිත් ක්‍රියාකාරී මට්ටමකට එම කමිටු ගෙන ඒම සඳහා කෑගල්ල අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් පනස් දෙනෙකු වෙනුවෙන් දැනුවත් කිරීම අද දින සිදුකෙරිණි.
එහිදී ළමා අපයෝජනය සහ ආරක්ෂාව සම්බන්ධ නීති පද්ධතිය පිළිබඳව නීතිඥ සතිරා වෛද්‍යසේකර මහත්මිය විසින් කරුණු දැක්වීම සිදු කළ අතර පාසල් තුළ ළමා හිතකාමී පාසල් පරිසරයක් නිර්මාණය කිරීම හා එහි ධනාත්මක බලපෑම් පිළිබඳ කෑගලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා සම්පත්දායකත්වයෙන් එක්ව සිටියහ.
දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරිනී විනෝදනී කුලතුංග සහ දිස්ත්‍රික් මනෝ සමාජ නිලධාරිනී චතුරිකා බණ්ඩාර යන මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ළමා අංශය එක්ව මෙම දැනුවත් කිරීම සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත යන මහත්වරුන්, විදුහල්පතිවරුන්, දිස්ත්‍රික් ළමා අංශයේ නිලධාරීන්, කෑගල්ල හා මාවනැල්ල ළමාරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
































