2024 වසරේ අවසන් දිස්ත්‍රික් විගණන කළමණාරණ කමිටුව අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී රැස්විය.

ඒ  අනුව වාර්ෂික අභ්‍යන්තර විගණන සැලැස්ම අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කිරිම මෙන්ම පසුගිය ගිණුම් කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සම්බන්ධව වත්මන් ප්‍රගතිය ද මෙහිදී විමසීමට ලක් විය.

තවද අභ්‍යන්තර විගණන වාර්තා නිකුත් කිරිම සහ පිළිතුරු සැපයීමේ ප්‍රගතියත්, විගණකාධිපතිගේ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීමේ තත්වය සම්බන්ධයෙනුත් කරුණු විමසා බැලිණි. දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් 2024 වසරේ වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම හා ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සැලැස්ම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ද ,මෙම වසරේ හඳුනා ගන්නා ලද සේවාවන් හා අපේක්ෂිත ඉලක්ක ලගා කර ගැනීම සම්බන්ධවද තොරතුරු විමසා බැලිණ.

වකුගඩු, ආබාධිත,විශ්‍රාම වැටුප් ගෙවීම් ඇතුලු සිදු කෙරෙන සියලු ගෙවීම්වලදි ඇති වි ඇති සුලු දෝෂ තත්වයන් නිරාකණය කිරිමට අවශ්‍ය කටයුතු සලසන ලෙසත් , සමස්තයක් ලෙස ගත් කල මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිසියාකාරව ප්‍රාදේශීය විගණන කමිටු පවත්වමින් විගණන කමිටු සාර්ථකව පවත්වා ගැනිම සම්බන්ධයෙන් නිලධාරින්ගේ කැපවීම අගය කරන බවත් මෙහිදි දිසාපතිතුමන් ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන අංශය මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාවට කෑගල්ල ජාතික විගණන උප කාර්යාලයේ සහකාර විගණකාධිපති එන්.එම්.පි වික්‍රමසිංහ, අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන, , සූම් ඔස්සේ කළමණානරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බී.ජී තිසාර, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.ඒ.එන්.ආර් සුබසිංහ යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන්, විවිධ විෂය කේෂත්‍රයන්ට අදාල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.