දිස්ත්‍රික්කය තුළ පවතින කෘෂිකාර්මික සංවර්ධන ඉලක්කයන් පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (29)දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව පවත්නා රජයේ සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා සංවර්ධන නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳ පලමු දේශනය සිදුකරන ලද්දේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතා විසිනි. අන්තුරුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ හඳුන්වා දෙන ලද්දේ එහි නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.පී.එන් රණතුංග මහත්මිය විසිනි. සත්ව නිෂ්පාදන ආශ්‍රිතව දිස්ත්‍රික්කය තුළ පවතින විභවයන් පිළිබඳව එහිදී කරුණු පෙන්වා දුනි.
ඵලදායිව සංවර්ධන වැඩසටහන් මෙහෙයවීමේදී රාජකාරීමය වශයෙන් නිලධාරින් සතු යුතුකම් හා වගකීම් පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලද්දේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගණී පෙතංගොඩ මහත්මිය විසිනි. ඒ අනුව තමන්ට ලැබෙන වගකීමට එහා ගොස් නිර්මාණශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නාය. කෑගල්ල දිස්ත්‍රික්කයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිළිබඳව සහ එහි කාර්යභාරය පිළිබඳව අදහස් දැක් වූ එහි සහකාර අධ්යක්ෂ කේ.පී.පී. මදුෂානි මහත්මිය විසින් වර්තමානයේ අපනයන වෙළඳපොළ සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරන ලදී.
කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමේ උපාය මාර්ග පිළිබඳ හඳුන්වාදීම ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර අංශයේ සහකාර අධ්යක්ෂ ඒ .එස් .එන් රොෂාන් මහතා විසින් සිදු කළ අතර වර්තමානය තුළ දේශීය හා විදේශීය වෙළඳපොලේ කෘෂි නිෂ්පාදනයන්හි ප්රවණතා පිළිබඳව පැහැදිලි කර දුන්නේය. එමෙන්ම කෘෂි ව්‍යාපාර සැලසුම්කරණයෙහි ඇති වැදගත්කම පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ආර්ථික අංශයේ සහකාර අධ්යක්ෂ කේ ජී.සී.ඩී.බී විජේසිංහ මහතා විසින් පැහැදිලි කර දුන්නේය.
තවද බෝග වගාවේදී රසායනික පොහොර භාවිතය හඳුන්වාදීම පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ තෙන්නකෝන් මහතා විසින් සිදු කළ අතර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ කේ.ඒ නිලන්ති විජේසිංහ මහත්මිය විසින් අවසානයේ වැඩසටහන සමාලෝචනය කරමින් නිලධාරීන් දැනුමත් කිරීම සිදු කළාය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ එම්.එස් තිලකසිරි මහතා ඇතුළු එම අංශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතා , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



























