ගොලින්ද වත්ත ශ්‍රී මුතුමාරි අම්මන් කොවිලේදී පුණ්‍ය ග්‍රාම වැඩසටහනක් ඊයේ (18) දිනය පුරාම පැවැත්විණි.
මෙහිදී දහම් පාසල් දරුවන්ගේ විශේෂාංග ඉදිරිපත් කෙරුණ අතර එම දරුවන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමක් සිදුකෙරිණි.
පැමිණ සිටි දහම් පාසල් දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම මහනුවර ශ්‍රී වානි දෙමළ විද්‍යාලයේ සහකාර විදුහල්පතිනී රාම රණ ලෙච්චමී මහත්මිය විසින් සිදු කළාය.
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත කෑගල්ල දිස්ත්‍රික් හින්දු කටයුතු නිලධාරී එස්.පි. එන්.පි.සංජය මහතා මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා වසම භාර ග්‍රාම නිලධාරී ආර්ථික සංවර්ධන නිලධාරී හා සංස්කෘතික නිලධාරීතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දරුදැරියන්,දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



























