කෑගලු දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය කලා විභාෂි දෙදහස් 2024 පසුගියදා කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙසින් අදියර තුනක් යටතේ දවස පුරා සාර්ථකව සංවිධානය කර තිබුණි.
එහි දෙවන අදියර ලෙස දිස්ත්‍රික්කයේ සිටින කලාකරුවන් සහ කලායතනවල දරු දැරියන්ගේ හැකියාවන්ගෙන් යුක්ත තාල රංග ප්‍රසංගය කාගේත් නෙත් සිත් පැහැර ගත් වැඩසටහනක් බවට පත්විය.
නැටුම් ගැයුම් වැයුම් රැඟුම්වලින් විචිත්‍රවත් වූ තාල රංග ප්‍රසංගය සඳහා අංග විස්සකට වඩා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු එම අංශය සම්බන්ධීකරණයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන්ගෙන් එකතුවෙන් සංවිධානය කෙරිණි.
දිසාපතිතුමාන් ,අතිරේක දිසාපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රසංගය නැරඹීම සඳහා එක්ව සිටියහ.

























