ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2025
විමධ්‍යගත අයවැය වැඩසටහන
• අනුමත විමධ්‍යගත ව්‍යාපෘති ගණන - 71
• අනුමත ප්‍රතිපාදන ප්‍රමාණය - මිලියන 103
• ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 11 විසින් ක්‍රියාත්මක කරන ලද විමධ්‍යගත අයවැය වැඩසටහන දැනට 75% ක ප්‍රගතියක් ලබා ඇත.
• ඉතිරි 25% ප්‍රසම්පාදනය වෙමින් පවතින අතර, යටිතල පහසුකම් සඳහා ස්ථාන පරීක්ෂණ සහ ඇස්තමේන්තු සකස් කරමින් පවතී.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
• වතු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති
ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 8 කින් යෝජනා ලැබෙන අතර අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රියාත්මක කරනු ලැබේ. ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 8
• වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන
NBRO වාර්තා සහිත ආපදා නිවාස පමණක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබේ. ව්‍යාපෘති ගණන 25 කි. ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 81.2
• වතු නිවාස සඳහා පානීය ජල පහසුකම් සැපයීම
ඇස්තමේන්තු සකස් කර අමාත්‍යාංශයට යොමු කිරීමෙන් අනතුරුව අරමුදල් ලබා දෙනු ලැබේ. කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශ වල වතු නිවාස 50 ක් සඳහා පානීය ජල පහසුකම් ලබා දීම.
• ආපදාවට ලක් වූ වතු නිවාසවල වහල අලුත්වැඩියා කිරීම
වහල අලුත්වැඩියා කිරීම සඳහා වන පිරිවැය ඇස්තමේන්තුව අමාත්‍යාංශයට යොමු කර ඇත. ව්‍යාපෘති ගණන 6 කි.
• ඉන්දියානු නිවාස ආධාර වැඩසටහන - ප්‍රතිලාභීන් හඳුනා ගනිමින් සිටී
• වතු ආශ්රිත සනීපාරක්ෂක ව්‍යාපෘති අනුමත කිරීම - රුවන්වැල්ල ප්‍රාදේශීය කොට්ඨාශයෙහි තෝරාගත් ප්‍රතිලාභීන් 10 දෙනෙකු සඳහා ක්‍රියාත්මක වේ. ව්‍යාපෘති 8 ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා 2025 ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

















