மாவட்ட செயலாளர்

பிரதேச செயலகங்கள்
Meeting & GA Programme
News & Events
அரச சேவை மையங்கள்
| Aranayaka | Action Plan |
| Bulathkohupitiya | Action Plan |
| Dehiovita | Action Plan |
| Deraniyagala | Action Plan |
| Galigamuwa | Action Plan |
| Kegalle | Action Plan |
| Mawanella | Action Plan |
| Rambukkana | Action Plan |
| Ruwanwella | Action Plan |
| Warakapola | Action Plan |
| Yatiyanthota | Action Plan |
කෑගල්ල දිස්ත්‍රික්කයට ඊයේ සිට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දොඹේමඩ මාර්ගයේ දඹුල්ල ග්‍රාම නිළධාරි වසමේ මිනිමාරුව හන්දිය ආසන්නයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටිමෙන් එම නිවසේ සිටි සිවුදෙනෙක් යටවිමෙන් ඉන් තිදෙනෙක් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වයස 38 ක් වන මව ,වයස අවුරුදු 08 ක් වන දියණිය සහ අවුරුදු 13 ක් වන ඥා ති දියනියකි.පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා ඊයේ (08 ) දින පවතින අයහපත් කාළගුණය පිළිබඳව සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදිම ද සිදුකර තිබිණි.
ඒ අනුව සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් ආපදා කළමණාකරණ ග්‍රාමිය කමිටු ,ග්‍රාම නිළධාරින්,සංවර්ධන නිළධාරින් ,හා ප්‍රජාව දැනුවත් කිරිමට කටයුතු කර තිබිණි.
එම උපදෙස් අනුව ක්‍රියාත්මක වු රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ මහතා ඇතුලු ග්‍රාම නිළධාරි ,සංවර්ධන නිළධාරි ,හා ආපදා සහන නිළධාරින් කණ්ඩායම එක්ව ආපදා සහිත තත්වයක් පවතින නිවෙස් දෙකකට ඉවත් වීමට උපදෙස් ලබාදුන් අතර එක් නිවෙසක පිරිස ඉවත් වු අතර අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අනෙක් නිවසේ සිටි පිරිස වේ.
මේවන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ,වරකාපොල ,මාවනැල්ල ,රඹුක්කන ඇතුලු අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලද පස්කදු කඩාවැටීම් හා ගස් කඩාවැටීම් ,වැනි ආපදා තත්වයන්ට ලක්ව ඇත.
පවතින අයහපත් කාළගුණ තත්වය ඉවත්ව යන තෙක් ප්‍රාදේශිය ලේකම්වරුන් ,ග්‍රාම නිළධාරින් ,ආපදා සහන නිළධාරින් ,සංවර්ධන නිළධාරින් හා ආරක්ෂක නිළධාරින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් තම ජිවිත හා දේපල ආරක්ෂා කර ගැනිමට නිරන්තරයෙන් සැළකිළිමත්ව කටයුතු කරන ලෙස දිසාපතිවරයා ජනතාවට දන්වා සිටි.

























