District Secretariat - Kegalle
Untitled5
Untitled8

Meeting & GA Programme

24
ஜன2021

Meeting Schedule

News & Events

Discussion on the Construction of the Warakapola Alternative Road

2026-09-25
Discussion on the Construction of the Warakapola Alternative Road

A discussion was held yesterday (16) at the District Secretariat Auditorium, under the leadership of Kegalle District Member of Parliament Mr. Manoj Rajapaksha, representing the political authority, and Kegalle District...

“Rebuilding Sri Lanka” – Another Phase of Disaster Relief for Ditwa-Affected People in Aranayake

2026-09-18
“Rebuilding Sri Lanka” – Another Phase of Disaster Relief for Ditwa-Affected People in Aranayake

Another phase of the special “Rebuilding Sri Lanka” programme, aimed at resettling and providing relief to the people affected by the Ditwa Cyclone disaster in the Aranayake area, was successfully...

கீழ் கடுகன்னாவ உயர் அபாய மண்சரிவு வலயங்களில் வசிக்கும் மக்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி

2026-09-18
கீழ் கடுகன்னாவ உயர் அபாய மண்சரிவு வலயங்களில் வசிக்கும் மக்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி

கீழ் கடுகன்னாவ பிரதேசத்தில் மண்சரிவு அபாய வலயங்களில் வசிக்கும் மற்றும் பாதிக்கப்பட்டுள்ள மக்களையும், அனைத்து பங்குதாரர்களையும் விழிப்புணர்வூட்டும் நிகழ்ச்சியொன்று இன்று (11) கேகாலை மாவட்டச் செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது. இந்நிகழ்ச்சி பாதுகாப்பு அமைச்சின் மேலதிக செயலாளர் திரு. கே. ஜி....

மாவட்ட விவசாயக் குழு கூட்டம்

2026-09-18
மாவட்ட விவசாயக் குழு கூட்டம்

மாவட்ட விவசாயக் குழுவின் கூட்டம் 2026 செப்டம்பர் 08 ஆம் திகதி கேகாலை மாவட்டச் செயலக கேட்போர் கூடத்தில், கேகாலை மாவட்டச் செயலாளர் திரு. கே. ஜி. எஸ். நிஷாந்த அவர்களின் தலைமையில் நடைபெற்றது. இதன்போது, முதலில் கடந்த குழுக் கூட்டங்களில்...

மாவட்ட திட்டமிடல் குழு கூட்டம்

2026-09-14
மாவட்ட திட்டமிடல் குழு கூட்டம்

மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் கீழ் செயற்படும் உபகுழுவான மாவட்ட திட்டமிடல் குழு நேற்று (01) கேகாலை மாவட்ட செயலக கேட்போர் கூடத்தில் கூடியது.

மாவட்ட மற்றும் அகில இலங்கை மாணவர் திறன் விருது வழங்கும் விழா

2026-09-14
மாவட்ட மற்றும் அகில இலங்கை மாணவர் திறன் விருது வழங்கும் விழா

2024 மற்றும் 2025 ஆம் ஆண்டுகளில் மாவட்ட மற்றும் அகில இலங்கை மட்டங்களில் வெற்றிகளைப் பெற்ற கேகாலை மாவட்ட மாணவர்களைப் பாராட்டும் நோக்கில் ஏற்பாடு செய்யப்பட்ட மாவட்ட மற்றும் அகில இலங்கை மாணவர் திறன் விருது வழங்கும் விழா நேற்று (30)...

« »
         
         
     resource profile eng                tourist bangalows english
         
    tourist bangalows english2   11

குடியுரிமை சாசனம்

කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. එහෙම  නැත්නම් කොළඹ ඉඳන් කෑගල්ලට ඇවිත් (කි. මි. 78) එතැනින් බුලත්කොහුපිටියට යන්නත් (කි. මී. 25) පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටියට ප්‍රා. ලේ. කොට්ටාසය ඉතා සුන්දර කඳුකර අත්දැකීම් විඳගත හැකි පෙදෙසක්. මෙය එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල හා පැලැම්පිටිය ගම්වලින් තමයි එය මහනුවරට මායිම් වන්නේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුද මට්ටමින් අඩි 4000ක් උස යි. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසක්. බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් වැටී තිබෙනවා. නමුන් මේ පාරේ මෝටර් රථ වැනි වාහනයකට යා හැක්කේ උඩපැලැම්පිටිය දක්වා පමණ යි. මෙය සුන්දරම දර්ශන සහිත පාරවල්වලින් එකක්.  බුලත්කොහුපිටිය සිට දේදුගලට යනකන් කි. මී. 20ක් දුරට තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබෙනවා. දේදුගල සිට පැලැම්පිටියට තවත් කි. මී. 7ක් කඳු නැගිය යුතු යි. මේ සෑම මාර්ගයක්ම වැලමිටි වංගුවලින් පිරිලා. ඒ අතරතුර දිය ඇලි ගණනාවකුත් දකින්න පුළුවන්. කොළඹ සිට පැමිණ එක් දිනක් තුළ මේ අවට පිහිටි දියඇලි සියල්ලම දැකගැනීමට හැකිවීමත් සංචාරකයන්ට විශේෂ වාසියක්.

 

රිටිගහ ඔය

කැළණි නදියේ ශාඛාවක් වන රිටිගහ ඔය උපත ලබන්නේ අඩි 4000කට වඩා උස දොලොස්බාගේ කඳුවලින්. මේ ජල දහරාව බුලත්කොහුපිටිය හරහා වරාවල දක්වා ගලාගොස් කැලණි නදියට එක්වෙනවා. දේදුගල සිට පහළට අලංකාර දසුන් මවමින් ගල් පර්වත බහුල සීඝ්‍ර නිම්නයක ගලා බසින මේ ඔය කුඩා ජල මාර්ගවලින් ද පෝෂණය වෙනවා. ඒ අතර අලංකාර දියඇලි රාශියක් ද නිර්මාණය කරමින් සොබාදහම අලංකාර කරනවා. අද නම් මේ දියඇලිවලට අත්වී ඇත්තේ කණගාටුදායක ඉරණමක්. ඒ කුඩා ජල විදුලි බලාගාර රාශියකට දියඇලිවල ජලය ලබාගන්නා නිස යි. මේ නිසා දියඇලිවල සම්පූර්ණ අලංකාරය නරඹන්න නම් වර්ෂා කාලයකම යන්න වෙනවා. ස්නානය කිරීමට සුදුසු නාන තටාක රාශියක්ද රිටිගහ ඔයෙන් නිර්මාණය වී තිබෙනවා.

සුරඹා ඇල්ල

බුලත්කොහුපිටිය නගරයට නුදුරින් රුවන්වැල්ල පාරේ ගොස් හැරී ගමන් කළවිට සුරඹා ඇල්ල හමු වෙනවා. කැළණි ගඟේ අතු ශාඛාවක් වන රිටිගහ ඔයට මේ දියඇල්ලෙන් ගලන දිය දහර එක්වන්නේ වාගොල්ල හන්දියට මඳක් ඔබ්බෙන් තැනක දී යි. කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයෙන් බුලත්කොහුපිටිය නගරයට පැමිණ හෝ අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය (මාර්ග අංක 677) මාර්ගයෙන් වාගොල්ල හන්දියට පැමිණ මේ සොඳුරු දියදහර ඔබට නැරඹිය හැකියි.

ඇල්ලට යාමට ප්‍රධාන මාර්ගයේ වාහන නවතා වැල් පාලමකින් එගොඩ වී ගැමි නිවෙස්‌ අසලින් වැටි අඩි පාර ඔස්සේ පියමං කළ යුතු යි. තවත් අතුරු මාර්ගයකින් කි.මි.4ක්‌ පමණ ගිය පසු ඇල්ල මුදුනටත්, එතැනින් ගල් පඩිපෙළ දිගේ නැවතත් වැල් පාලම අසලටත් ළඟා විය හැකියි. මේ පාරවල් ගැන ගැමියන්ගෙන් අසා දැන ගැනීමට පුළුවන්.

ප්‍රදේශයේ දෛනික ජල අවශ්‍යතා සේම ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදෙන සුරඹා ඇල්ල මීටර 35 ක්‌ පමණ උස යි.

වෙළෙඳ ඇල්ල

බුලත්කොහුපිටිය දේදුගල පාරේ යන විට මුලින්ම නැරඹිය හැක්කේ මේ දියඇල්ල යි. ඒ මාර්ගයේ කි. මී. 3.5ක් යනවිට තුන්බාගේ විහාරය හමුවෙනවා. රිටිගහ ඔය හරහා ඉදිකරපු පාලමකුත් එතැන තියනවා. ඒ පාලමෙන් එගොඩවෙලා තේ වතු හරහා දිවෙන අඩි පාරක කඳු නගිමින් කි. මී. 2කට ආසන්න දුරක ගමන් කළ විටයි වෙළෙඳ ඇල්ල හමුවන්නේ. දියඇල්ල උසින් මීටර 37ක්. දියඇල්ල නාරංගල කඳුවැටියේ ජල ධාරාවලින් තමයි නිර්මාණය වී තිබෙන්නේ. ගල්පර්වතය අවට ලිස්සන සුලු නිසා එය මතට නැගීම නම් අනතුරුදායක යි. මෙහි ජලය පසුව එක් වන්නේ රිටිගහ ඔයට යි.

 

 

රිකිල්ල ඇල්ල

රිටිගහ ඔයට එකතු වන රිකිල්ල ඇල්ල උසින් මීටර් 45ක් පමණ වෙනවා. බුලත්කොහුපිටිය ඉඳන් දේදුගල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ඉදිරියට යනවිට උඩපොත ගම්මානයේ දී මේ සුන්දර දියඇල්ල අපට දිස්වෙනවා. එය කඳුවැටියක මුහුණත ලෙස පිහිටි පර්වතයක් ඔස්සේ කඩා හැලෙන අන්දම මහා මාර්ගයේ සිටම නැරඹිය හැකිය. රිකිල්ල යන නම ලැබී ඇත්තේ අතු රිකිල්ලක් මෙන් සිහින්ව ගලා හැලෙන නිසයි. මෙහි විශාල ජල ප්‍රවාහයක් දැකගත නොහැකියි.

 

 

නළඟන ඇල්ල

රිකිල්ල ඇල්ලත් බලාගෙන කඳු බෑවුම් හරහා වංගු  පසුකරමින් රිටිගහ ඔය නිම්නය දිගේ ඉදිරියට කි. මී 9ක් යන විට නෙලුවක්ක ගම්මානය හමුවෙනවා. අවට පැතිර තිබෙන කළුපහන රබර් වතුයාය ඔස්සේ නළඟන ඇල්ලට ගමන් කළ යුතු යි. ප්‍රදේශයේ දී නැරඹිය හැකි විශාලම මෙන්ම අලංකාරම දියඇල්ල වන්නේ ද මෙය යි. වැඩිම නරඹන්නනන් පිරිසක් පැමිණෙන ස්ථානයක් වශයෙන් ද මෙය සැලකිය හැකියි. මහා මාර්ගයේ සිට පහළට අඩි පාරක රබර් වතු හරහා කි. මී බාගයක් ගමන් කර ඇල්ල අසලට පැමිණීය හැකියි. ඇල්ලේ ජලයෙන් ක්‍රියාත්මක කුඩා ජල විදුලි බලාගාරයක් ද අපට දැකගත හැකි වෙනවා. එයට ජලය ලබාගෙන ඇති නිසා ඇල්ලේ ජලය අඩු වෙලා. රබර් වතු යායේ යන්ත්‍රවලට ඉංග්‍රීසි පාලන සමයේ විදුලිය ගත් අත්හැර දමා ඇති පැරණි ජල විදුලි බලාගාරයක් ද ඇල්ල අසලම තිබෙනවා.

කොටස් කිහිපයක් වශයෙන් කඩා හැලෙන රිටිහග ඔයෙන් නිර්මාණය වූ දියඇල්ල උසින් මීටර් 40ක් පමණ වෙනවා. එහි පළල මීටර් හතරක්. මේ අවට ඔයේ අලංකාර ජල තටාක රාශියක් පිහිටා තිබෙනවා.විවේක ගැනීමට මෙන්ම සොබා සුන්දරත්වය විඳීමටත් විශාල පිරිසක් නළඟන ඇල්ලට එනවා. ඔවුන් නොසැලකිලිමත්කමින් ස්නානය කිරීමට යාම නිසා ජීවිත කිහිපයක්ම මේ වනවිට අහිමි වී තිබෙන බව සටහන් කළ දැන්වීමක් ද පර්වතයක සවිකර තිබෙනවා

Location    

 

 

රුක්මල් ඇල්ල

නළඟන ඇල්ලෙන් සමුගෙන මාර්ගයේ තවත් ඉහළට කි. මී. 2ක් යන විට එක්‌තරා වංගුවක දී ඔබට රුක්‌මල් ඇල්ල දැක ගත හැකිය. මීටර 10ක්‌ පමණ උසැති මෙම ඇල්ල ඉතා පුළුල් ගල් තලාවකින් කඩා වැටෙන ජල ප්‍රවාහයක්. එය නිර්මාණය වන්නේ ගඟවැරලිය වත්ත හරහා ගලා එන දෝතළු කන්දෙන් ආරම්භ වන ජල ධාරාවකින්. පසුව මාර්ගය යටින් ගලායන එහි ජලය රිටිගල ඔය පෝෂණය කරනවා. ජලය වැඩි දිනවලදී තනි සුදු රෙද්දක්‌ ලෙස මෙය දැකිය හැකියි. එකල මහා මාර්ගයට පවා මෙහි ජල කෙඳි විසිරෙනවා.

Location    

 

 

උඩපැලැම්පිටිය පුංචි නුවරඑළිය

‘පුංචි නුවරඑළිය’ නමින් හඳුන්වන සුවදායක කඳුකර පරිසරයක් කෑගල්ල දිස්ත්‍රික්කයේත් තියන බව ඔබ දන්නවා ද? දේදුගල පසුකර උඩපැලම්පිටියට ගියවිට ඒ පරිසරය අත්විඳීමට ලැබෙනවා. දේදුගල පාරේ බුලත්තොහුපිටියේ සිට කි.මී. 20ක දුරින් තමයි මේ ගම්මානය පිහිටා ඇත්තේ. මහනුවර දිස්ත්‍රික් මායිමේ දොළොස්බාගේ කඳවලට අතිශයින් සමීප ගමක්. නුවරඑළිය දිස්ත්‍රික්කයටත් තරමක් ළඟ යි.

දේදුගල ඉඳන් උඩපැලම්පිටියට කිලෝමීටර් හතක් විතර තියනවා. ඒ කිලෝ මීටර් හත ඇතුළත භූ විෂමතාව මුහුදු මට්ටමින් අඩි දෙදහස් හත්සියක් දක්වා ඉහළ යන නිසා ඒ ඒක ශීඝ්‍ර බෑවුමක් සහිත වට වංගු පිරුණු පාරක්.

පරිසරවේදීන් උඩපැලම්පිටියට පුංචි නුවරඑළිය කියන්න හේතු ගණනාවක් තියනවා. ඉන් එකක් තමයි හොඳට අව්ව පායලා තියන දවස්වල වුණත් ප්‍රදේශය එක්වරම වැහි අඳුරකින් සහ තද මිහිදුමකින් වැසී යාම. ඉහළ උසකින් යුක්ත නිසාත් දොළොස් බාගේ කඳු දෙසින් වරින්වර හමා එන සිසිලැල් සුළං නිසාත්   පරිසරය සීතල ස්වභාවයෙන් යුක්ත යි. අවට තේවතු සහ ගෙවතුවලින් යුක්තයි. රිටිගහ ඔය පරිසර ආරක්ෂණ ප්‍රදේශය වශයෙනුත් මේ පැත්ත නම්කර තිබෙනවා.

උඩපැලම්පිටියේ ඉඳලා මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ නගරයට තියෙන්නේ කිලෝමීටර් පහක් විතරයි. නමුත් කඳු වැටි සහ ප්‍රපාතාකාර බෑවුම් අතරින් වැටිලා තියන මේ මාර්ගය තවමත් සම්පූර්ණයෙන් තනා නැහැ. කෑගල්ල, බුලත්කොහුපිටිය හරහා නුවරඑළිය දක්වා අලුතින් තැනෙන මහාමාර්ගයක මුල් අවස්ථාව මෙය බවයි පැවැසෙන්නේ. මේ මාර්ගය තනා නිමවුණු පසුව කොළඹ නුවරඑළිය අතර දුර ප්‍රමාණය කිලෝමීටර් හතළිහකින් විතර අඩු වන බව පැවසෙනවා.

උඩපැලම්පිටියේ සිට මේ දොළොස්බාගේ මාර්ගයට පිවිසෙන තැන හරිම අපූරු ස්වාභාවික ක‍පොල්ලක් පිහිටා තිබෙනවා. එය අවට චමත්කාරය කදිමට දැකගත හැකි තැනක්. මේ ස්ථානයේ සිට බලනකොට සිරිපා කඳුවැටිය අතේ දුරින් වගේ දැක ගන්න පුළුවන්. මිහිදුම නැති කාලවල දී කොළඹ නගරයේ ආලෝකය ද මේ ක‍පොල්ලට එපිටින් දර්ශනය වන බව ගම්මුන් කියනවා. පැලැම්පිටිය පතන නමින් ආරක්ෂිත තණබිම් සහිත ප්‍රදේශයක් ද මෙහි තිබෙනවා. තවමත් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ විශාල පැමිණීමක් නැති නිසා උඩපැලම්පිටියේ සංචාරක පහසුකම් නම් නැහැ.

දියඇගිරි ඇල්ල

දේදුගල පැලැම්පිටිය හන්දියේ සිට ගම මැදින් ඇති අඩි පාරක ගමන් කර මේ ඇල්ල අසලට පැමිණෙන්න පුළුවන්. තේ වතු හා වනවදුලු මැදින් දිවයන මේ පාරේ කි. මී. 2ක් පමණ පියමං කරන විට මීටර් 30ක් උස සුන්දර දියඇගිරි ඇල්ල පේනවා. පටු ගල්කුලු දෙකක් අතරින් ඇදහැලෙන දියඇල්ල වැටෙන තැන අපූරු ජල තටාකයක් නිර්මාණය වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ දොලොස්බාගේ කඳුවලින් උපත ලබනා මෙහි ජලය එකතු වන්නේ කැලණි ගඟේ ශාඛාවක් වන වී ඔයට යි. එය යටියන්තොටින් කැළණි ගඟට එක් වෙනවා.  

මීට අමතරව කලුපහන ඇල්ල, වහරක ඔය ඇල්ල, කෙල්වින් ඇල්ල, වින්සර් ෆොරස්‌ට්‌ ඇල්ල වැනි තවත් සැඟවුණු දිය ඇලි ද මේ කඳුකරය අවට පිහිටා තිබෙනවා.

උපුටා ගැනීම - Roar Media

යන්නේ කොහොමද?

කොළඹ නුවර පාරේ 66-67 කි. මී. කණු අතර පිහිටි නෙලුම්දෙණිය හන්දියේ දැදිගම කොටවෙහෙරට මඟපෙන්වන පුරාවිද්‍යා නාම පුවරුවක් තිබෙනවා. එතැනින් හැරී ගලපිටමඩ පාරේ කි. මී. 3ක් ගමන් කරන විට අපි පිවිසෙන්නේ දැදිගමට යි. අවිස්සාවේල්ල කෑගල්ල පාරේ පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙතැනට පැමිණිය හැකියි.  දැදිගම පිටිසර සුන්දරත්වය රැකී පවතින ගම්මානයක්.

සූතිඝර දාගැබ ඇතුළු  පුරාවිද්‍යා නටබුන් පිහිටා තිබෙන්නේ මාර්ගය අද්දර ම යි. දැදිගම කඳු පන්තියකින් වට වූ නිම්න භූමියක්. දාගැබ පිහිටා තිබෙන්නේ ජයලත් කන්ද නම් කඳු බෑවුම පාමුල යි. එයට නුදුරින් කෙත්යාය පිහිටා තිබෙනවා. දැදිගම රජමහා විහාරයත් ඒ අසල ම දැකගත හැකියි.

 

 

ඉතිහාසය

පුරාතනයේ මෙම ග්‍රාමය හඳුන්වා ඇත්තේ ‘පුංඛගාම’ යනුවෙන්. එසේම ජාතගාම, දැතිගම, පිලගම ආදී නම්වලින් පැරැණි ලේඛනයන්හි මෙන්ම වංශ කතාවන්හි දී ද මේ ගම හැඳින්වෙනවා. පාලි භාෂාවෙන් ‘පුංඛ’ යන්නෙහි අර්ථය ඊතලයෙහි පිටුපස නොහොත් පිහාටුව නම් කොටස යි. එය දැත්ත ලෙසින් ද සිංහලෙන් හඳුන්වන අතර ‘පුංඛගාම’ නොහොත් දැතිගම පසු ව කට වහර විසින් දැදිගම බවට පත්කර තිබෙනවා.

මානාභරණ නම් යුවරජු දොළොස්වන ශත වර්ෂයේ දී දක්‍ෂිණ දේශයේ පාලකයා ලෙස දැදිගම කේන්ද්‍රස්ථානය කරගනිමින් ප්‍රදේශය පාලනය කළ බව සඳහන්. ඒ රජුගේ බිසව වූයේ රත්නාවලී කුමරිය යි. රත්නාවලී බිසව දැදිගම දැනට කොටවෙහර දාගැබ පිහිටි ස්ථානයේ දී කුමරෙකු බිහි කළා.

ලංකා රාජ වංශයේ ශ්‍රේෂ්ඨ රජෙක් වශයෙන් කීර්තිමත් වූ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1153 – 1186) ලෙස රාජාභිෂේක ලබන්නේ මෙසේ උපදින පුත් කුමරුවා යි. කුමරා උස් මහත් වී මුලින්ම දක්ෂිණ දේශයේ මායා රටේ ප්‍රාදේශීය පාලකයා බවට පත් වෙනවා.

ඔහු තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය තිබූ තැන කුඩා ස්තූපයක් ගොඩනඟනවා. පසු ව මුළු රටම එක්සේසත් කර පොළොන්නරුවේ රජ වූ පසු එම කුඩා ස්තූපය මැදිකොට මහා ස්තූපයක් ගොඩනංවනු ලබනවා. එය කොටවෙහෙර සම්ප්‍රදායට අයත් දාගැබක්. කොටවෙහෙර කියන්නේ දේවතා කොටු සහ කොත්කැරැල්ල රහිත දාගැබක්. උපන් ස්ථානයේ ඉදිකළ නිසා සූතිඝර චෛත්‍යය වශයෙන් එය ප්‍රකට වෙනවා. ඒ රජු, මෑණියන් ආදාහනය කළ ස්ථානය වූ බුත්තල යුදගනාවේත් රත්නාවලී චේතිය නමින් කොටවෙහෙරක් ඉදිකළා.

ඉන් අනතුරුව දැදිගම රාජ්‍ය පාලනයට සම්බන්ධ වන්නේ ගම්පොළ යුගයේ දී.  ගම්පොළ 5 වන පරාක්‍රමබාහු රජු (1344-1359) දැදිගම සිට පාලන කටයුතු ගෙනගොස් තිබෙනවා. ගම්පොළ යුගයේ දී දැදිගම විශාල ආගමික ප්‍රබෝධයක් තිබූ ස්ථානයක් ද  වුණා. එහි ගතාරා නමින් පිරිවෙනක් ද තිබුණා.

 

සෙල්ලිපිය

දැදිගම අභයදාන සෙල්ලිපිය අද දැදිගම විහාර භූමියේ පිහිටුවා තිබෙනවා. එය හයවන බුවනෙකබාහු (1469-1480) රජ දවස පිහිට වූ සෙල්ලිපියක්. දැදිගම කැරැල්ලකට සම්බන්ධ පිරිසකට රජු විසින් සමාව දී අභයදානය ලබාදීම ගැන එහි සඳහන්.

 

කොටවෙහෙර

මේ ප්‍රදේශයේ 1890 දී මුලින්ම ගවේෂණය කළ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් ගඩොලින් හා ලදු කැලයකින් වැසීගිය ගඩොල් ගොඩැල්ලක් ගැන සඳහන් කරනවා. කිසිදිනක සම්පූර්ණ කර නැති එය දැනුදු ගැමියන් කොටවහෙර නමින් හඳුන්වන බව ද ඔහු සඳහන් කරනවා. පෘතුගීසි පාලන සමයේ මේ දාගැබේ ගඩොල් ගෙන ගොස් මැණික්කඩවර සහ හොලොම්බුව බලකොටුවලට යොදාගත් බව බෙල්ට අසන්නට ලැබී තිබෙනවා.

පසු ව 1930 දී එච්. ඩබ්. කොඩ්රිංටන් මත පළ කරන්නේ, මේ දාගැබ පළමුවන පරාක්‍රමබාහු රජු උපන් ස්ථානයේ ඉදිකළ දාගැබ බවට යි. වර්ෂ 1947 දී දාගැබේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරනවා. එහි දී පස් අතර තිබී පළමුවන පරාක්‍රමබාහු නම සඳහන් කාසියක්, සාහසමල්ල නම සඳහන් කාසි, සහ තුන්වන රාජරාජ චෝල රජුගේ කාසියක් හමු වී තිබෙනවා. පස් ඉවත්කර මතුකර ගත් විට දාගැබේ උස අඩි 47ක් සහ වට ප්‍රමාණය අඩි 804ක් වූ විශාල දාගැබක් හෙළි වෙනවා.

පේසාවළලු තුනක් සහිත ගර්භයකින් දාගැබ සමන්විත යි. දාගැබ මතුපිට තැනිතලා ස්වරූපයකින් යුක්ත යි. එම දාගැබේ පේසා වළලු අතර කැණීම් කරන විට 1958 දී  කුඩා දාගැබක් ද හමුවෙනවා. කුඩා දාගැබ පේසාවළලු තුනකින් සමන්විත යි. දැනටත් එය අපට දැකගත හැකි ලෙස ඉතිරිකර තිබෙනවා. පරාක්‍රමබාහු රජු මුලින්ම ඉදිකළ දාගැබ එය බවට විශ්වාස කරනවා.

 

පුරාවස්තු

1947 සිට සිදුකළ කැණීම්වලින් සහ පසු ව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් කළ කැණීම්හි දී කොටවෙහෙර සම්බන්ධ ව තොරතුරු රාශියක් අනාවරණය කරගැනීමට හැකි වුණා. 1951 දී චෛත්‍ය තුළ වූ ධාතු ගර්භවලින් පුරාවස්තු රාශියක් හමුවුණා. දාගැබෙන් ප්‍රධාන නිධන් කොටුවක් සහ ඒ වටා තවත් නිධන් ගර්භ 8ක් හමුවුණා. මේ නිධන් කොටුවල රේඛාවලින් නොයෙන් චිත්‍ර ඇඳ තිබුණා. දේව රූප, රහත් රූප, මල් මෝස්තර ඒ චිත්‍ර අතර තිබුණා. පුරාවස්තු අතරින් වැදගත්ම වන්නේ ලෝකඩ ඇත්පහන් යුගල යි.

එසේම රන් තහඩුවෙන් කළ බුද්ධ ප්‍රතිමා හතරක් ද හමු වී තිබෙනවා. ඒවා මකර තොරණ ද සහිත අලංකාර මූර්ති. පොළොන්නරු යුගයේ කාසි, පද්මාකාර දාගැබේ ආකෘතියක්, මැණික් ගිල් වූ ධාතු කරඬුවක්, ලෝකඩ සහ මැටි පහන්, වටිනා පාෂාණ ආදී නිධන් වස්තූන් ද ධාතු ගර්භයෙන් හමු වී තිබෙනවා. මේ අතර අපූරුම දෙය වන්නේ කුඩා ස්තූපයේ දා ගැබ තුළ තිබී හමු වූ තරමක් විශාල මැටි කොරහ යි. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ කිරිකැටි පැරකුම් කුමරු නෑවීම සඳහා මෙම කොරහ උපයෝගී කරගන්නට ඇති බව යි. කුමරා උපන් තිඹිරිගෙය මත මෙවන් මහා ස්තූපයක් ගොඩනංවා ඒ තුළ මැටි කොරහ ද නිධන් කරමින් රජතුමා තිඹිරිගෙයත්, නෑවූ කොරහත් පූජනීය ස්මාරකයන් වශයෙන් සලකා ඇති බව පේනවා. ලෝකඩ පහන් කණු, මහමේරු පර්වතය, මැටි පහන් කණු, ලෝකඩ නාග මූර්ති, පිත්තල බුදු පිළිම ආදී පුරාවස්තු රාශියක් ද මෙහි නිධන් ගර්භවලින් ලැබුණා. මෙහි යන්ත්‍රගල තුළ තිබී 12 වන සියවසට අයත් අක්ෂරයෙන් ලියූ මහායානික පිරිතක කොටසක් කෙටූ සෙල්ලිපියක් ද ලැබුණා.

 

ඇත්පහන

දැදිගම ඇත්පහන ජාත්‍යන්තර ව පවා ප්‍රසිද්ධියට පත් පුරාවස්තුවක්. දැනට මෙම ඇත්පහන් දෙකෙන් එකක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ද, අනෙක දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරයේ ද තැන්පත් කර තිබෙනවා.

1951 වසරේ පළමු නිධන් කොටුවේ තිබී හමු වූ පොළොන්නරු යුගයට අයත් මෙම පහන් දෙක එල්ලා තැබීමට මෙන්ම බිම තැබීමට ද හැකි සේ නිර්මාණය කර තිබෙනවා. මෙහි එල්ලන දම්වැල නර්තන ඉරියව් සහිත පෙරහරක් මූර්තිමත් කරනවා. එය විශිෂ්ට කලා කෘතියක් සේ ම එවකට පැවති ඉහළ තාක්ෂණය ද පෙන්නුම් කරන නිර්මාණයක්. අචල ජල විද්‍යාව අනුව මෙම පහනේ ඇතාගේ කුසට දමන තෙල් පාලනය වෙනවා. ඇතාගේ දකුණු පාදයේ යටි පතුලේ ඇති සිදුරකින් පාලනයකින් යුක්ත ව පහනට තෙල් පැමිණෙනවා. පහන් වැටියට තෙල් ගලායන්නේ ඇතාගේ ලිගුව හරහා යි. තෙල් අඩුවන විට නැවත තෙල් ගලා එනවා.

 

කෞතුකාගාරය

  දාගැබේ කැණීම් කටයුතු නිමවීමත් සමග ඉන් ලැබුණු අගනා පුරාවස්තු සමූහය ප්‍රදර්ශනය කිරීමට මෙම ප්‍රාදේශීය කෞතුකාගාරය පිහිටවූවා. මෙය ලංකාවේ ප්‍රාදේශීය කෞතුකාගාරයක් ඇරඹිමේ අරමුණින් ඉදිකළ පළමු ගොඩනැගිල්ල ලෙස සැලකෙනවා. එතෙක් කටුගෙවල් ලෙස පාවිච්චි කළේ පැවති ගොඩනැගිලි ම යි. අද වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවලින් හමුවූ පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන මින් දැනුවත්වීමට ඔබට පුළුවන්.

 

රජමහා විහාරය

ගම්පොළ යුගයේ දී ආරම්භ කළ බව සැලකෙන මේ විහාරය කෝට්ටේ යුගයේ දී වර්ධනය වී තිබෙනවා. 1890 බෙල්ගේ පුරාවිද්‍යා වාර්තාව අනුව එහි ටැම්පිට විහාරයක් පැවති බව සඳහන්. ගල් කුලුනු, ගල් කැටයම්, සහ අභයදාන සෙල්ලිපිය මෙහි දැකගත හැකියි. විහාරයේ දක්නට ලැබෙන මූර්ති නම් උඩරට නිර්මාණ ලක්ෂණ පළ කරනවා.

උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/an-ancient-temple-dedigama-kotawehera

Location    

 

 



පුරාණයේ රඹ හෙවත් කෙසෙල් ගස් බහුලව පැවති නිසා රඹුක්කන වුණා කියලයි ජනකතාවල කියන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාසව පැවති මේ බිමේ උඩරට රාජධානි යුගයේ දී වෙහෙරවිහාර රාශියක් ඉදිවුණා. ඉංග්‍රීසි පාලන සමයේ දී කතෝලික පල්ලි වගේම දුම්රිය ස්ථානත් මෙහි ගොඩනැගුණා. මහඔය ගලන්නේ රඹුක්කනට නුදුරින්. පසුව මේ නගරය වඩාත් ප්‍රකට වුණේ උඩරට දුම්රිය මාර්ගයේ සන්ධිස්ථානයක් වශයෙන්. දුම්රියේ නැගී රඹුක්කනට පහසුවෙන්ම පැමිණිය හැකියි. කොළඹ සිට දුර කි. මී. 88යි. මහාමාර්ගයෙන් එනවා නම් නුවර පාරේ කෑගල්ලේ සිට මෙන්ම පොල්ගහවෙල සිටත් එන්න පුලුවන්. රඹුක්කන පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ හතරකෝරළේ කිණිගොඩ කෝරළේට යි.






පදවිගම්පොළ ගල්මැස්ස

රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන පදවියගම්පොළ හෙවත් පදවිගම්පළ කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුවේ දැලිවල වසමට අයත්. මෙය සබරගමුව පළාත් සභාව විසින් සංචාරක ගම්මානයක් ලෙස නම්කර තිබෙනවා. රඹුක්කන ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගයට රැගෙන යන්නේ මෙහි පිහිටි ගල්මැස්ස යි. විශාල ගල්පුවරු තුනක් මත තැබූ ගල්පුවරුව නිසා මෙය කාමරයක් ලෙස දිස්වෙනවා. දඹුල්ල ඉබ්බන්කටුව වැනි ස්ථානවලින් මෙගලිතික ස්මාරක ලැබී තිබුණත් මෙවැනි විශාල ස්මාරකයක් හමුවන්නේ පදවිගම්පොළින් පමණයි.  මෙය දිගින් අඩි 11ක් ද පළලින් අඩි හයහමාහරක් ද වෙනවා. පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙය අසල මෑත අතීතයේ විහාරයක් ද ඉදිකර තිබෙනවා.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත - දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ පිහිටා තිබෙනවා.

අතීත ලක්දිව විසූ ගැමි ජනතාවගේ විශ්වාසය අනුව මෙම ශිලා මඤචය හා ලක්දිව වැඩවිසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ පිළිබඳ පුරාවෘත්තයක් ගොඩනැගී තිබෙනවා. එනම්, දිනක් මලියදේව මහරහතන් වහන්සේ අනුරාධපුරයේ සිට පොල්ගහවෙල හරහා වට්ටාරමට වඩින අතරමග දී හදිසියේ ඇදහැලුණු මහ වර්ෂාවක් නිසා අසල පිහිටි බෝරුක් සෙවනකට වැඩමකළ බවත්, එහිදී මෙම ශිලා මඤචය උන්වහන්සේ හට සෙවන සැලසූ බවත් ය. ශිලාමඤචයට වම් පසින් ඒ අසලම වූ බෝධිවෘක්ෂය ද පැරණියි.

Location    

 

 

පදවිගම්පොළ කන්ද

පදවිගම්පොල ශිලා මඤචයට බටහිර දෙසින් කොස්කන්ද නම් වූ කඳුගැටයක් පිහිටා තිබෙනවා. මේ කඳු පාමුල ජනාවාස පැතිර ඇති අතර මුදුන අවට වනාන්තරයක් පැතිර තිබෙනවා. කඳු බෑවුමේ පෞද්ගලික ඉඩම්වලත් කටාරම් කෙටූ ලෙන් පැතිර තිබෙනවා. සමහර ලෙන් ආරාම බවට පත්වෙලා. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල් ලිපි දෙකක් කන්ද මත පිහිටි ලෙන්වලින් හමුවෙනවා. ඒවායේ සඳහන් වන්නේ ප්‍රදේශයේ ප්‍රභුවරු විසින් සංඝයා වහන්සේට ලෙන් කරවා පූජා කිරීම ගැනයි.

 

 

කොට වෙහෙරේ සේද සළුව

රඹුක්කන කුරුණෑගල පාරේ කි. මී. 4ක් දුරින් මාර්ගය අද්දරම දැලිවල රජමහා විහාරය පිහිටා තිබෙනවා. කොට වෙහෙර පිහිටා ඇත්තේ විහාර බිමේ කුඩා කඳුගැටයක් මත යි. ඒ වෙත පිවිසීමට පියගැට සකස් කර තිබෙනවා. වසර 100ක් පමණ පැරණි විහාර මන්දිරය පිහිටා ඇත්තේ ද වෙහෙර අසලම යි. කොටවෙහෙර යනුවෙන් හඳුන්වන්නේ මෙම දාගැබ් විශේෂයට කොත්කැරැල්ලක් පැවති බවට සාධක නැති නිසයි. දැදිගම, යුදගනාව, පොළොන්නරුවේ දෙමළ මහා සෑය ආදී දාගැබ් ද මෙම සම්ප්‍රදායට අයත්.

වනවැදී තිබූ මේ බිම අවට පෙදෙසේ 1880 පමණ වන විට මිනිසුන් ජනාවාස තනා කැලෑ හෙළි පෙහෙළි කොට තිබෙනවා. පසුව එහි පැරණි විහාරය එළිකරවා යළිත් භික්ෂුන් වහන්සේ කැඳවා පන්සලක් ඉදිකළ බව පැවසෙනවා.

අපේ රටේ දාගැබ් ඉතිහාසයට දැලිවල වැදගත් මතක සටහනක් එක්කරනවා. මෙය ඉතාම පැරණි යුගයට අයත් දාගැබක්. මෙම කැණීමේ දී ද දාගැබේ මුල්ම අවධිය ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කර ගෙන තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1972 සිට වරින්වර මෙහි කැණීම් කළා. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් කැණීමේ දී ඉතාමත්ම සුරක්‍ෂිතව තිබී හමුවූ දාගැබ් ගර්භය යි. නිදන් හොරුන්ට එය හමුනොවීම වාසනාවක් වුණා. පුරාවස්තු රැසක් දැලිවල කැණීම්වලින් මතුවුණා. වීදුරු, පබළු රැසක් හමුවුණා. මුතු පබළු අල්ලන ලද රෙද්දකින් වට කරන ලද කුඩා චෛත්‍ය කරඬුව ඉතාමත් වැදගත්. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියානු ජාතික රෙදි පිළිඳව විශේෂඥ ජුඩිත් කැමරන් මහත්මිය විසින් මේ පිළිබඳව කළ  රසායනික පර්යේෂණ අනුව එම සළුව සේද රෙදි බව සොයා ගෙන තිබෙනවා. එහි වයස වසර දෙදහස්‌ දෙසියයක්.‌ ලෝහමය කරඬුව ඇතුළු සේද සළුව සොයා ගනු ලැබ ඇත්තේ 2001 වසරේ කළ කැණීම් මගින්. චෛත්‍යයේ හරිමැදින් පහළට කැණීම් කරන අවස්‌ථාවේ ඊට අඩි හතරකට පහළින් ලෝහමය කරඬුව හමුවෙලා තිබෙනවා.

විහාර බිමේ ඉදිකර ඇති ධාතු මන්දිරයේ මෙහි කැණීම්වලින් ලැබුණු පළිඟු කරඬු, රන් කරඬු, මැටි කරඬු, බුද්ධ පුතිමා, ශෛලමය කැටයම් කොටස් ආදිය තැන්පත් කර තිබෙනවා.ගඩොලින් කළ විශාල දාගැබ තවමත් සංරක්ෂණය නිම නොකළ තත්ත්වයෙන් පවතිනවා. එයට යොදාගත් පැරණි ගඩොල් දාගැබ් මළුව අවට විසිරී තිබෙනවා. වසර 100ක් පමණ පැරණි විහාර මන්දිරය දාගැබ අසලම දක්නට ලැබෙනවා. ඒ අසලම පිහිටි ඝංඨාර කුලුනත් අවුරුදු 100ක් පමණ පැරණි යි.

Location    

 

 

කැලෑ දඹුල්ල



රඹුක්කන කුරුණෑගල පාරේ කි. මී. 8ක් දුරින් පිහිටා තිබෙනවා. විශාල ලෙන් විහාරයක් වන මෙය කලකට පෙර හැඳින්වූයේ කැලෑ දඹුල්ල කියලයි. දැන් එය දඹුල්ල කියන නමින්ම හඳුන්වනවා. රබර් වතුයායක් මැදිකරගත් ලෙනට පිවිසීමට කළුගලින් කළ පියගැට 350ක් තරණය කළ යුතු යි. පියගැට පෙළ පාමුල නූතන සංඝාවස ගොඩනැගිලි පිහිටා තිබෙනවා. පර්වතය මතට පිවිසුණු විට ලෙන් විහාරය, දාගැබ ආදී පූජනීය ගොඩනැගිලි දැකබලා ගත හැකියි.ලෙන් විහාරය තුළ දහඅට රියන් සැතපෙන බුදු පිළිමයක්, විෂ්ණු දේව පිළිමයක්, සහ ලෙව්කේ අදිකාරමගේ පිළිමයක් ඉදිකර තිබෙනවා. මෙම ප්‍රතිමාව පසුකාලීනව අලුත්වැඩියා කර ඇති බව පෙනෙනවා. උඩරට සම්ප්‍රදායට අයත් පැරණි බිතුසිතුවම් ද  විහාරය අලංකාර කරනවා.

Location  

 

 

කුඩාගම පල්ලිය

රඹුක්‌කන දොඹේමඩ මාර්ගයේ  කඳුගැටයක් මත පිහිටි කුඩාගම පල්ලිය ඉතා සුන්දර ස්ථානයක්. මෙය 1910 දී ඉංග්‍රීසි පාලන සමයේ දී ආරම්භ කර තිබෙන දේවස්ථානයක්.1970 දශකයේ මෙම දේවස්ථානයට පැමිණෙන කැමිලස් ජයමාන්න පියතුමාගේ කාලයේ මෙය රට පුරා පතල වුණා. ඒ යක්ෂආවේෂ වූවන් සුවපත් කරවන ස්ථානයක් ලෙසට යි. එකල මෙම පල්ලියට දහස් ගණනින් බැතිමතුන් ඇදී ආවා. අදටත් ප්‍රදේශවාසීන් මෙහි හාස්කම් ගැන විශ්වාසයෙන් පැමිණෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප චිත්‍රපයට සඳහා තේමාකරගෙන ඇත්තේ මෙම පල්ලියේ භුත දෝෂ දුරුකිරීමේ කතා පුවත යි.

Location    






උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/unheard-historical-places-in-rambukkana

කොළඹ සිට අවිස්සාවේල්ල හරහා කි.මී. 62ක් දුරින් පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පිටිසර පෙදෙසක් රුවන්වැල්ල. කැළනි ගඟ සහ ගුරුගොඩ ඔය මේ පෙදෙස සාරවත් කරනවා. ඒ වගේම වැහි කාලයට මේ දෙගං උතුරා ප්‍රදේශය යට වෙනවා. කැලණි නදියට ගුරුගොඩ ඔය එකතු වන්නේ රුවන්වැල්ල නගරය අද්දරින්මයි. මෙම ස්ථානයෙන් බුලත්කොහුපිටිය, කෑගල්ල හා අවිස්සාවේල්ල නගර කරා මාර්ග ගමන් කරනවා. සැබවින්ම රුවන්වැල්ල සොබා සුන්දරත්වය සපිරි පෙදෙසක් ලෙස හැඳින්විය හැකියි.

පුරාණයේ උඩරටට යන පාර තිබුණේ දැන් මෙන් යක්කල නිට්ටඹුව හරහා නොවේ. අවිස්සාවේල්ල රුවන්වැල්ල හරහායි.  මේ නිසා රුවන්වැල්ල අතීතයේ දී පහතරට ප්‍රදේශවල සිට උඩරටට පැමිණෙන විට පසු කළ යුතු කැලණි ගඟේ තීරණාත්මක තොටුපළක් පිහිටි ස්ථානයක්. මේ තොටුපොළ පිහිටියේ හරියට ම කැලණි ගඟට ගුරුගොඩ ඔය එක්වන තැන මෝය අසල යි. බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කරන්නට පෙර තුන් කෝරළයට අයත් රුවන්වැල්ලේ බලය තිබුණේ උඩරට රජවරුන්ට. රජුගේ ඇත් පන්තිය රඳවා තිබුණේ රුවන්වැල්ලේ තොටුපොළ අසල පාලංගමුව වත්තේ බව ක්‍රි.ව. 1800 දී එහි ගිය රොබට් පර්සිවල් ලියා තිබෙනවා.

ඕලන්ද ජාතිකයන් ක්‍රි. ව. 1665 දී දඬු වැටකින් වට කළ කණු ගසා සුරක්ෂිත කළ සහ ඇතුළතින් මැටි බිත්ති සහිත කඳවුරක් මෙහි පිහිට වූ බව එච්. සී. පී. ද බෙල් 1892 කෑගලු වාර්තාවේ සඳහන් කරනවා. පසුව සුද්දන් උඩරට යටත් කරගත් පසුව නිතර මහනුවරට යා යුතු වුණා. මේ නිසා ඔවුන් ඒ ගමනේ සන්ධිස්ථානයක් වන රුවන්වැල්ලේ ස්ථිර බලකොටුවක් තැනීමට තීරණය කළා.

බලකොටුව

නගරයේ උස්බිමක පිහිටි බලකොටුව තුළ අද පොලීසිය පිහිටා තිබෙනවා. උතුරින් හා නැඟෙනහිරින් ඇළ මාර්ගයකින් ද  බටහිර හා නිරිතට ගුරුගොඩ ඔය හා කැලණි ගඟට ද මායිම් වන සේ මෙම ඉඩම පිහිටා තිබූ බව සඳහන්. එවකට එහි අට්ටාල දෙකක් තනා තිබුණා. බලකොටුවට පිවිසෙන්නට තිබූ මාර්ගය අදටත් ඇති (රුවන්වැල්ල මහා විද්‍යාලය ඉදිරිපිටින් දිවෙන) කොටු දොරටුව ඔස්සේ ඇති මාර්ගයයි. අද සංරක්ෂණය කොට ඇති කොටු දොරටුවේ ක්‍රි. ව. 1817 වර්ෂය සමඟ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ නමේ මුල් අකුරු සඳහන්.

ක්‍රි.ව. 1817 දී මේජර් ජෝන් ඩේවි රුවන්වැල්ල කොටුවට පැමිණෙනවා. ඒ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මහනුවරට යන සංචාරයක දී ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස යි. මේ සංචාරයේ දී බ්‍රවුන්රිග් රුවන්වැල්ල කොටුවේ දවසක් ගත කරනවා. ඩේවි ලංකාව ගැන ලියූ ග්‍රන්ථයේ රුවන්වැල්ල හා එහි බලකොටුව පිළිබඳව ද අපූරු විස්තරයක් කරන්නේ මේ විදිහටයි.

“අවුරුදු තුනකට පෙර ජනශූන්‍ය ස්ථානයක් වූ රුවන්වැල්ල අද සමෘද්ධිමත් නැවතුම් පොළකි. මෙය පැහැදිලි කැලණි ගඟ බොර සහිත ගුරුඟු ඔය (ගුරුගොඩ ඔය) හා එකතු වන තැන ප්‍රයෝජනවත් ලෙස පිහිටියේ ය. මෙහි කොටුව නිම වීමට ආසන්න ය. නිලධරයන්ට මෙන් ම හේවායින්ට ද මෙහි විශිෂ්ට නිවාස ඇත්තේ ය. කඩපොළක් පිහිටුවා තිබිණි. ලාභය පිළිබඳ අපේක්ෂාවෙන් පොළඹවනු ලැබූ පවුල් දෙතුන් සියයක් මෙහි පදිංචි වී සිටිති. අප මෙහි පැමිණි විට මේ කුඩා නගරයේ ශීඝ්‍ර දියුණුව හා විලාසවත් උත්සවශ්‍රීය නිසා ප්‍රහර්ෂයටත් විස්මයටත් පත් වීමු.”( ඩේවි දුටු ලංකාව – පරිවර්තනය- ඇල්ලේපොළ එච්. ඇම්. සෝමරත්න)

පසුව කොළඹ නුවර මාර්ගය අද පවතින සේ නිට්ටඹුව හරහා ඉදිකළ බැවින් මෙම පැරණි මාර්ගයේ වැදගත්කම අඩු වී ගියා. ඊට පසු බලකොටුව තානායමක් බවට පත්වූ බව පැවසෙනවා.

 

 

ජුබිලි අම්බලම

(ජුබිලි අම්බලමේ දැව කැටයම්)- ruwanwellaps.gov.lk

ජුබිලි අම්බලම නමින් හැඳින්වෙන්නේ රුවන්වැල්ල නගරයේ පිහිටි තවත් අපූරු කතාවක් පවසන ස්මාරකයක්. අම්බලම නිර්මාණය වූයේ ක්‍රි.ව.1887 වර්ෂයට යෙදී තිබූ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජනගේ පදවි ප්‍රාප්තියේ 50 වැනි ජුබිලිය සැමරීම උදෙසා බව පැවසෙනවා.

1892 – 1896 දක්වා මේ පළාතේ සිටි ඒජන්තවරයාගේ භාර්යාව වු හදිසියේ මියගිය ලිලී හෙන්රික් ඩේවිඩ් සිහිවීම පිණිස ඇයගේ මිත්‍රයන් විසින් මෙම අම්බලම ගොඩනගා ඇති බවටද මතයක් පවතිනවා. රුවන්වැල්ල අම්බලම දැව නිර්මාණයක්. එහි එක ළඟ කුලුනු සතර බැඟින් දැව කුලුනු 16 ක් මෙහි දක්නට ලැබෙනවා. සෑම දැව කුලුනකම මුලින්, මැදින් සහ අගින් උඩරට සම්ප්‍රදාය සිහිපත් කරවන කැටයම් කපා තිබෙනවා. මෙහි විසල් ලී කුලුනු මත ගොඩනංවා ඇති පෙති උළු සහිත වහලය දැකුම්කළු නිර්මාණයක්. මෙම අම්බලම මෑතකදී සංරක්ෂණය කර තිබෙනවා.

 

 

සංගිලි පාලම

රුවන්වැල්ල නගරය මැදින් වක්වී ගලන කැලණි නදිය හරහා ඉදිකර ඇති සංගිලි පාලම නිසා අදටත් විශාල පිරිසකට සෙත සැලසෙනවා. මෙයින් එතෙර වීමෙන් පාලංගමුව, නිකවලමුල්ල, දයිගල, කුරුපැත්ත වැනි ගම්මානවලට යායුතු දුර කි. මී. ගණනාවකින් පමණ අඩු වෙනවා.

ආචර්ය ඇන්. ඇම්. පෙරේරාගේ සියවන ජන්ම දිනය සමරමින් වර්ෂ 2007 දී සබරගමුව පළාත් සභාව විසින් තැනූ මේ පාලම ලංකාවේ දිගින් වැඩිම සංගිලි පාලම ලෙසත් සැලකෙනවා. එහි දිග අඩි 550ක්.

නිකවලමුල්ල ප්‍රාග් ඓතිහාසික සොහොන

සංගිලි පාලමෙන් එගොඩ වී යාහැකි මේ ගම පසුගියදා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කළ කැණිමක් නිසා ප්‍රසිද්ධ වුණා. මේ කඳුකර ගම්මානයේ ගුරුගොඩ ඔයට ආසන්නව මැටිවලින් කළ සොහොන් ගර්භ කිහිපයක් හමුවුණා. දයිගල කඳුවැටියේ බෑවුමක පිහිටි පහන් ලෙන නමින් හඳුන්වන ලෙන ආසන්නයේ මෙම සොහොන් පිහිටා තිබෙන්නේ. මෙලෙස මැටි ඔරු වැනි සොහොන් භාවිතා කර ඇත්තේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමටයි. එසේ මැටි ඔරුවල දමා භෂ්මාවශේෂ තැන්පත් කිරීමට ප්‍රථමයෙන් එම මැටි ඔරු මැනවින් පුළුස්සා තිබෙනවා. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නටද හේතුව එයයි.

හකුරුගල විහාරය

(ලෙන් විහාරය)- unkwonsrilanka.wordpress.com

කරවනැල්ල හරහා පැමිණීමෙන් මෙන්ම රුවන්වැල්ලේ සිට කැලණි නදිය හරහා වූ සංගිලි පාලමෙන් එතෙර වීමෙන් ද හකුරුගල විහාරය පිහිටි නිකවලමුල්ල ගම්මානයට යා හැකිය.

කැලණි ගඟ ඉස්මත්තේ ගිරි කුළුවලින් ගහන දැකුම්කලු බිමක පිහිටි ලෙන් විහාරයක්. එයට පිවිසීමට ගල්පඩි සියගණනක් තරණය කළ යුතුයි. කටාරම් කෙටූ ගල් ලෙන් තුළ විහාර මන්දිරය මෙන්ම සංඝාවාසයද පිහිටා තිබෙනවා. නමුත් මෙහි සිතුවම් සහ මූර්ති නම් නවීකරණය කරලා. වළගම්බා රජතුමන්ට ආරක්ෂාව සැලසූ ස්ථානයක් ලෙස ජනප්‍රවාද පවතිනවා.

වරාවල ආරුක්කු පාලම

රුවන්වැල්ල නගරය පසුකර කෑගල්ල පාරේ මඳ දුරක් යන විට අඟුරුවැල්ල හමු වෙනවා. වරාවල යකඩ පාලම පිහිටියේ අඟුරුවැල්ල ආසන්නයේ ගුරුගොඩ ඔය මතින්. ඒ අසලම මෑතක දී අලුතින් ඉදි කළ පාලමක්ද තිබෙනවා.

සුද්දන්ගේ යකඩ පාලම් තාක්ෂණය ගැන නිහඬව පවසන මේ පාලම ඉදි කර ඇත්තේ 1897 දීයි. එවකට මේ මාර්ගය ඔවුන්ට කොතරම් වැදගත් වුණාදැයි ඉන් පැහැදිලි වෙනවා.

මෙය නිර්මාණය කර ඇත්තේ කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ. අද ඓතිහාසික ස්මාරකයක් වී ඇති මෙම පාලම දැක්වෙන මුද්දරයක් ද 2011 දී  නිකුත් කළා.

මේ ස්ථානවලට අමතරව කඩදොර පත්තිනි දේවාලය, පෙතන්ගොඩ කටු උණ පඳුර, මැදගොඩ පත්තිනි දේවාලය වැනි ඓතිහාසික ස්ථානවලටත් රුවන්වැල්ලේ සිට එතරම් දුරක් නැහැ.

Location  



උපුටා ගැනීම - https://pwa.roar.media/sinhala/main/travel/on-the-way-to-ruwanwella

உட்பிரிவுகள்