දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල විසින් පවත්වාගෙන යා යුතු වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් අද (13 ) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි .
ප්‍රථමයෙන්ම අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ .ජී.එස් නිශාන්ත මහතා විසින් අරමුණු පැහැදිලි කොට පැමිණ සිටි පිරිස පිළිගැනීමෙන් පසු පසුගිය සභාවාරයේ වාර්තාව සංස්කෘතික බල මණ්ඩලයේ ලේකම් සුනිල් ගම්ලත් මහතා විසින් සභාවට ඉදිරිපත් ලදී.
කලාකරුවන් සඳහා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පාටි පාටිය පිළිබඳව සමාජ ආරක්ෂණ අංශයේ සබරගමුව පලාත් ජ්‍යෙෂ්ඨ නිලධාරිණි එස්.හේරත් මහත්මිය විසින් පැහැදිලි කළාය.
ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට රාජ්‍ය සම්මානයෙන් උපහාර දැක්වීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා හින්දු ආගමික කටයුතු ,මුස්ලිම් ආගමික කටයුතු හා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු එක්ව සංවිධානය කරන කලාභූෂණ සම්මාන ප්‍රධානෝත්සවය සඳහා අයදුම්පත් මේ වන විට ලැබී ඇති අතර අයදුම්පත් පරීක්ෂාව මගින් කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් කලාකරුවන් පස් දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.
කෑගලු දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය හා ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි .
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු එම අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .
එම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින සංස්කෘතික නිලධාරීන්, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



































