2025 නව වසරේ රාජකාරී කටයුතු සෙත් පිරිත් සජ්ඣායනා මැද අද (01) පෙරවරුවේ දී ආරම්භ කෙරිණි.
ඒ අනුව සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ,විශ්‍රාමලත් විදුහල්පති ,කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පින්නවල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය දුනුකේවත්තේ සීලවිමල නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සියලු කාර්ය මණ්ඩලයටත් ,රට වැසියන්ටත් සෙත් පතා පිරිත් සජ්ඣායනා කරන ලදී. අනතුරුව දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතා විසින් ජාතික ධජය ඔසවනු ලැබීය. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මිය ගිය සියලු රණවිරුවන් හා රටවැසියන් සිහිකරමින් විනාඩි දෙකක් නිශ්ශබ්දතාවයක් ඵල කෙරිණි.
ඉන් පසුව තම කාර්ය මණ්ඩලය ඇමතු දිසාපතිතුමන් ප්‍රකාශ කළේ සියලු දෙනා එක්ව එකාවන්ව රාජකාරී කරමින් සුඛිත මුදිත සමාජයක් වෙනුවෙන් කැපවෙන ලෙසයි.
අනතුරුව රට තුළ සදාචාරාත්මක ,පාරිසරික හා සමාජීය වෙනසක් ඇති කරමින් රට ප්‍රමිති ගත කිරීමේ අරමුණ පෙරදැරිව නව රජය විසින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka වැඩසටහන එළි දැක්වීමේ සජීවි විකාශය සමගින් සමස්ත කාර්ය මණ්ඩලය එක්විය.
අද දින රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුගේ සේවය අගය කරමින් ප්‍රශංසාතාත්මක සහතික ලබා දීමට ද කටයුතු කර තිබුණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ කාර්යමණ්ඩලයේ සියලු දෙනා එක්ව සිටියහ.

























