කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) තනතුර සඳහා අද දින ට(16) යෙදුණු සුභ මොහොතින් ටි.ඒ. කුසුම් බණ්ඩාර මහත්මිය වැඩ භාරගත්තාය.

පරිපාලන ක්ෂෙත්‍රයේ හසළ අත්දැකීමක් සහිත ඒ මහත්මිය රත්නපුර වේවැල්කඳුර විද්‍යාලයෙන් හා ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් අතර ඉන් අනතුරුව වාණිජවේදී (සාමාන්‍ය) උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත්, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් පශ්වාත් උපාධි ඩිප්ලෝමාවත් ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සංවිධාන කලමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළාය.

1997 වසරේ දී සිය පළමු පත්වීම ලෙස කළමණාකරණ සහකාර සේවයට එක් වූ ඒ මහත්මිය 2006 වර්ෂයේ ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක් වුවාය . එතැන් පටන් කෑගල්ල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය අධ්‍යක්ෂ ලෙස වසර එකොළහක කාලයක් හා කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස වසර හතක කාලයක් සේවය කර ඇත. වසර දහඅටක කාලයක් පරිපාලන සේවයේ අත්දැකීම් සහිත ටි.ඒ. කුසුම් බණ්ඩාර මහත්මිය ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියකි.