2025 වසරේ පලමු දිස්ත්‍රික්කයේ සමාජ සේවා නිලධාරි ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා (22)) අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසුම් බංඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර 2024 වර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 හි ප්‍රගතිය එහිදී විමසා බැලිණ.
මෙම වසරේ ආබාධ සහිත වූවන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය ,2025 වර්ෂයේ ක්‍රියාත්මක සැලැස්ම , පළාත් සමාජ සේවා අමාත්‍යංශ රාජකාරී සම්බන්ධ දැනුවත් කිරීම, 2024 වර්ෂයේ ප්‍රා.ලේ.කො මට්ටමේ ප්‍රගතිය ඉදිරිපත්කිරීම,ආබාධ හා වකුගඩු රෝගී දීමනා සම්බන්ධ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම,වෙනත් දැනුවත් කිරීම් සෘජුආධාර,විශේෂ ව්‍යාපෘති පසුවිපරම් වාර්තා ලබාදීම,සිහිනය වැඩසටහන ආරම්භ කිරීම,ආබාධ දරුවන් වෙනුවෙන් දිවා මධ්‍යස්ථාන ආරම්භ කිරීම,ආබාධ සහිතවූවන් සඳහා රැකියා පොල පැවැත්වීම යන කරුණු පිලිබද එම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.
එමෙන්ම සියළුම සමාජ සේවා නිලධාරින් හට සීබීආර් වැඩසටහන යටතේ පුනරුත්ථාපන සැලසුම් සකස්කිරීම පිළිබඳ පුහුණුවක්ද එම අවස්ථාවට සමගාමීව ලබා දීමට කටයුතු කෙරිණි.
එම හමුව දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුලු එම අංශය සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට මූලස්ථාන සමාජ සේවා නිලධාරී,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා නිලධාරීන්,සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



















