ලැබුවා වූ 2025 නව වසරේ දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කරගැනීමට, ඒවා ක්‍රියාත්මක කරගැනීමට අනුමැතිය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය ජනවාරි 24 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයට රැස්වුණේ.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත (ඉඩම්) සහ සහකාර ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්ම මහත්මීන් දෙපළගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මහ සභා රැස්වීම සංවිධානය කරනු ලැබුවේ දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන හිමිකම් නිලධාරිනී එන්. ඩිලානි කුමාරි මහත්මිය විසිනි.

වසරේ සෑම මාසයකටම එක් වැඩසටහන බැගින් වැඩසටහන් 12 ක් ක්‍රියාත්මක කිරීමට මහ සභාවේ අනුමැතිය ලැබුණි. ඒ අනුව ජනවාරි 31ක දින වෑවලදෙනිය විහාරස්ථානයේදී බෝධි පූජා පින්කමක් පැවැත්වීමටත්, පෙබරවාරි මාසයේදී මාවනැල්ලේදී අක්ෂි සායනයක් පැවැත්වීමටත්, මාර්තු මාසයේදී ලේ දන්දීමේ කඳවුරක් ක්‍රියාත්මක කිරීමටත්, මේ වසරේ සිට ඉදිරි සෑම වසරකම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 නියෝජනය වන පරිදි අප්‍රේල් මාසයේදී සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේ අවුරුදු චාරිත්‍රයක් ක්‍රියාත්මක කිරීමටත් එහි පළමු අදියර ලෙස ලබන අප්‍රේල් මාසයේදී දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නෑගම් යාමටත් තීරණය විය. එමෙන්ම මැයි මාසයේදී රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ භක්ති ගීත වැඩසටහනක් පැවැත්වීමටත්, ජුනි මාසයේ එළඹෙන පොසොන් පොහොය වෙනුවෙන් වට්ටාරම කේන්ද්‍ර කර ගනිමින් මල් දන්සලක් සංවිධානය කිරීමටත්, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජූලි මස කවි මඩුවක් සංවිධානය කිරීමටත්, වාර්ෂික දිස්ත්‍රික් බලමණ්ඩල චාරිකාව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව අගෝස්තු මාසයේදී සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ඔක්තෝබර් මාසයේ කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත දිස්ත්‍රික්කයේ සියලු වැඩිහිටියන්ගේ වාර්ෂික චිත්තාකර්ශනීය සැණකෙළිය වන වැඩිහිටි උත්සව කටයුතු සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීම සැප්තැම්බර් මාසයේදී යොදා ගැනීමට තීරණය වූ අතර නොවැම්බර් මස සීල / භාවනා වැඩසටහනක් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංවිධානය කිරීමටද දෙසැම්බර් මාසයේදී රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පැදුරු සාජ්ජයක් සංවිධානය කිරීමටද තීරණය විය. මෙම සියලු වැඩසටහන් සංවිධානය කරනු ලබන්නේ දිස්ත්‍රික් බල මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලවල ප්‍රධානත්වයෙනි.

ජනවාරි 24 දින පැවති දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩල මහ සභා රැස්වීම සඳහා දිස්ත්‍රික් වැඩිහිටි අංශයේ සියලු නිලධාරීන්, අනෙකුත් ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලවල නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි හිම්කම් ප්‍රවර්ධන නිලධාරීන් / සංවර්ධන නිලධාරීන් සහ දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ ගරු සභාපති / ලේකම් මහත්මාවරුන් සහභාගි විය.