"සුපෝෂිත හා නිරෝගිමත් දේශයක් උදෙසා" ආයුර්වේද ප්‍රදර්ශනයක් සහ දේශීය ආහාර ප්‍රවර්ධන වැඩමුළුවක් අද (28)කෑගල්ල නගර සභා ශාලාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී සාගරිකා අතාවුද මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍යාංශය ,කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල මහ නගර සභාව, ආයුර්වේද සංරක්ෂණ සභාව සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන තුළදී පාරම්පරික දේශීය ආහාර වර්ග ,පාන වර්ග හා අල වර්ග ාරම්පරික හා ආයුර්වේද වෛද්‍ය සායන , දුර්ලභ ආයුර්වේද වෛද්‍ය උපකරණ ,ඖෂධීය පැළෑටි හා බෙහෙත් වර්ග , සර්පයින් නැරඹීමේ අවස්ථාව ඇතුළු විශේෂාංග රැසකට අවකාශ සලසා තිබුණි.
මෙම අවස්ථාවට සමගාමීව ආයුර්වේද සංරක්ෂණ සභාවේ සම්පත් දායකත්වයෙන් සව්සිරි ආයුර්වේද ග්‍රන්ථය එළිදැක්වීමද සිදුකෙරිණි.
එම අවස්ථාවට මහා සංඝ රත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසුම් බණ්ඩාර,කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතංගොඩ මහත්මිය ඇතුළු කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක්, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමන්, පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන් ,නාගරික කොමසාරිස්තුමන්,දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන්,ආයුර්වේද වෛද්‍යවරුන් ,ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ,නගර සහකාර ආයුර්වේද වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ,පාසල් සිසුන් ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට සම්බන්ධය පිරිසක් එක්ව සිටියහ.

































