කෑගල්ල දිස්ත්‍රික් කර්මාන්ත සංවර්ධන සැලැස්ම සකස් කිරීම පිළිබඳ හමුවක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මිට පෙර කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්ත මට්ටමින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව පිහිටුවිය.

මෙම කමිටු තුලින් නවීන තාක්ෂණය ,වයාපාර කලමණාකරය,වෙළඳපල අවස්ථා ඇතුලු ව්‍යවසාය ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් ලබාගැනීම සහ උත්ගතවන ගැටළු සදහා විසදුම් ලබා දීම සිදු කරයි.

ඒ අනුව මෙහි තවත් පියවරක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සදහා කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට නියමිතය.මෙම හමුවට සහභාගි වු ව්‍යවසායකයන් කර්මාන්ත සංවර්ධන සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීම කර්මාන්ත සංවර්ධන උපදේශක ආචාර්ය පේමසිරි ගමගේ මහතා අතින් සිදු කෙරිණි .

මෙම වැඩසටහන දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ වීරකෝන් මහතා ඇතුළු දිස්ත්‍රික් සැලසුම් අංශය විසින් සංවිධාන කර තිබුණි .

මේ අවස්ථාව සදහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජගත් ගුණතිලක මහතා, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් දිස්ත්‍රික්ක සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරුන් ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ,ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ .