2024 දිස්ත්‍රික් සිසු නිපුනතා ඇගයීම් උත්සවයේ සංවිධාන වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ වසරේ පළමු ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්විය.

ඒ අනුව 2024 දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් උත්සවය මාර්තු මස 08 වන දින කෑගලු විද්‍යාලයේදී පැවැත්වීමට තීරණය විය. තරග ඉසව් 41 ක් සදහා ජයග්‍රහන ලබා ගත් සිසුන් 205 දෙනෙකු සඳහා ත්‍යාග හා සහතික පත් ලබා දීමට නියමිතය.

මීට අමතරව 2025 වසර සදහා දහම් පාසල් පෙළ පොත් ලබා දීම, ප්‍රාදේශිය බලමණ්ඩල හරහා ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම, දහම් පාසල් ශිෂ්‍ය නායක වැඩසටහන් පැවැත්වීම පිළිබඳ වැඩිදුරටත් මේ හමුවේදී සාකච්ඡා විය.

මේ අවස්ථාව සදහා සතර කෝරල මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ජුජ්‍ය දුනුකේවත්තේ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ ,සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සම්බන්ධීකාරක දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකඛාධිකාරී පුජ්‍ය නෙලුම්දෙනියේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ ,ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල වල සභාපති හා ලේකඛාධීකාරී ස්වාමීන් වහන්සේලා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) කුසුම් බණ්ඩාර මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) දිලීප් නිශාන්ත මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන් ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල බෞද්ධ කටයුතු සමායෝජක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.