9 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (31) හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී සංවිධානය කර තිබුණි.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදී ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන ශිෂ්‍ය තානාපති වැඩසටහනට සමගාමීව පැවති තවත් එක් දැනුවත් කිරීමක් ලෙස මෙම වැඩසටහන හදුන්වා දිය හැකිය.
ඒ අනුව ළමා ආරක්ෂාව හා රැකවරණය,ළම උපදේශනය හා පෞරැෂ් සංවර්ධනය හා ජීවන නිපුණතා යන තේමාවන් ඔස්සේ සිසු දරු දැරියන්ව එහිදී දැනුවත් කෙරිණි.

ඒ සදහා සම්පත් දායකත්වයෙන් දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී චතුරික් බංඩාර, දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී විනෝදනී කුලතුංග හා දිස්ත්‍රික් මනෝ උපදේශන නිලධාරී එම්.බී.එම් ඉක්බාල් යන මහත්ම මහත්මීන් එක් විය.