77 ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් සැමරුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී චාම් අයුරින් අද දින (04) සැමරිණි.
ප්‍රථමයෙන්ම ජාතික කොඩිය එසවීම අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මියගේ සුරතින් සිදු කළ අතර ඉන්පසුව ජාතික ගීය වාදනය කොට රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ජාතික විරුවන් සහ රණ විරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිහඬියාවක් පළ කෙරිණි.
77 ජාතික නිදහස් දිනය පිළිබඳ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ අදහස් දැක්වීම ඉන් අනතුරුව සිදු කෙරිණි. "ජාතික පුනරුදයට පෙළ ගැසෙමු " තේමාවෙන් සැමරෙන මෙවර නිදහස් දින උළෙල නිමිති කර ගනිමින් රාජ්‍ය සේවකයින් ලෙස රට නගා සිටුවීම වෙනුවෙන් කැපවන ලෙස මෙහිදී එතුමිය සියලු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළාය.
අනතුරුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විණි.
මෙම සැමරුම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.
































