×

පණිවුඩය

Invalid Page Request

Clean Sri Lanka වැඩසටහනට සමඟාමීව තිරසර කවය සංවිධානය කරනු ලබන ආහාර සුරක්ෂිතතාවය හා ගෙවතු වගා පුහුණු වැඩසටහනක් අද (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි අතිරේක දිසත්‍රික් ලේකම් (පාලන) කුසුම් බංඩාර මහත්මියගේ ප්‍රධානත්වයේන් පැවැත්විණි.

ඒ යටතේ ආහාර සුරක්ෂිතතාවය හා ගෙවතු වගා පුහුණුව පිළිබඳ දැනුවත් කිරිම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස් තිලක්සිරි මහති විසින් සිදු කළ අතර පොහොර භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි කිරිම පොහොර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් සුමනදාස මහතා විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහන Clean Sri Lanka වැඩසටහනට සමඟාමීව පවත්වන පුහුණුවක් වූහෙයින් ඒ පිළිබඳ පැහැදිලි කිරිම දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන් මහතා විසින් සිදු කළේය.

වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ,පැළ, පොහොර , වගා උපදෙස් ලබා දීමටද අලෙවි කුටි සකස් කර තිබූ අතර ඒ සඳහා කුණ්ඩසාල බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය, ග්‍රීන් ඒෂීයා නිවුට්‍රිෂන් පුද්ගලික සමාගම සහ නියුට්‍රි මැක්ස් ආයතන එක්ව සිටියහ.

සමස්ත වැඩසටහනසඳහා දායක වූ පිරිස සිහිපති කිරීම ර්‍පධාප කලමණාකරණ සේවා නිලධාරි උත්පලා මෙනෙවිය විසින් සිදු කළාය.

මෙම වගා පුහුණු වැඩසටහන සඳහා සහභාගී වුවන් අතරින් කුසපත් තෝරා ජයග්‍රාහකයින් තිදෙනෙකු තෝරා ත්‍යාග ලබා දුන් අතර ඒ සඳහා අනුග්‍රහය නියුට්‍රි මැක්ස් ආයතනය විසින් ලබා දුණි.

මෙම පුහුණු වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.