දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
ඒ යටතේ ආර්ථික සංග්‍රාමයට ශ්‍රම බලකායක් බලමුළු ගන්වන RDB මෙහෙයුම් ක්රියාන්විකයේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන තුලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම , දේශීය ආර්ථිකය සවිමත් කිරිම, සෑම වසමකින්ම එක් ව්‍යවසායකයකු බැගින් දිවයිනෙන්ම ව්‍යවසායකයින් 15000ක් වසරක් තුල බිහි කිරිම මූලික අරමුණු වේ.
ඒ අනුව ඊයේ පැවති මෙම වැඩසටහනින් මෙම ව්‍යවසායකයින් බල ගැන්වීම සිදු කරන ආකාරයත් , ව්‍යවසායක සංවර්ධන නිලධාරීන් මීට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කිරිම, ඉදිරි වැඩසටහන් පිළිබඳ සැලසුම් සකස් කිරිම සහ අදාල යෝජනා හා අදහස් ලබැ ගැණිනි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරය හා RDB බැංකුව එක්ව සිදු කළ මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරී සකුන්තලා ප්‍රියංගනී මහත්මිය ඇතුලු එම අංශය විසිනි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බංඩාර, අතිරේක දිසත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, ප්‍රාෙද්ශීය සංවර්ධන බැංකුවේ කලමණාකර අසේල නවරත්න යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික්කයේ ව්‍යවසාය සංවර්ධන නිලධාරි න්, දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය සංවර්ධන බැංකු ශාකාවල කලමණාකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.






















