කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු ආයතන ඒකරාශී වෙමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන සැලැස්මක් ස්ථාපිත කිරීමේ අරමුණින් අද (17) විශේෂ හමුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව දිස්ත්‍රික්කය තුළ කෘෂිකර්මාන්තයට අදාළව නිමැවුම් පාදක සැලැස්මක් ඇති කරගනිමින් ප්‍රථමයෙන්ම වසරක සැලැස්මක් හා ඉන් අනතුරුව වසර පහ දක්වා සැලැස්මත් කෘෂිකර්මාන්තය ආශ්‍රය කොට ගනිමින් සකස් කිරීම සඳහා මූලික කෙටුම්පත් මෙහිදී සැකසිණි. දිස්ත්‍රික්කය තුළ මේ වන විටත් යෙදවුම් ඉලක්ක කෙසේ හෝ සම්පූර්ණ වෙමින් පැවතියත් නිමැවුම් ඉලක්ක සාර්ථක කර ගැනීම මද ඊට සාපේක්ෂව වැඩි අවධානයක් යොමු විය යුතුය යන්න මෙහිදී සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම කෘෂිකාර්මික හා කර්මාන්ත අංශය ස්වයංපෝෂිත වෙමින් අපනයන වෙළඳපළ දක්වා දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය ඉහළට ඔසවා තැබීමද මෙහිලා මූලික අරමුණක් ලෙස හඳුනාගැනුණි.

ඒ අනුව කෘෂිකර්ම කේෂත්‍රයට අදාළ සියලුම රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තුවලින් ක්‍රියාත්මක ඒ ඒ වැඩසටහන් එකම අරමුණක් යටතේ ක්‍රියාත්මක කිරීම තුළින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම මෙන් ඉදිරියට සිදුකෙරේ.

ඊට අදාළ දත්ත ලබාගැනීම් හා සමගින් මීළඟ හමුවේදී මෙම ඒකාබද්ධ සැලසුමට අදාළව දීර්ඝව කරුණු සාකච්ඡා කිරීමට කටයුතු කෙරේ.

දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්, එස්.තිලකසිරි මහතා ඇතුළු දිස්ත්‍රික් කෘෂි අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ වීරකෝන්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ සජිනි රණසිංහ යන මහත්ම මහත්මීන්, ගොවිජන සේවා , නියෝජ්‍ය කෘෂිකර්ම , සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අපනයන කෘෂිකර්ම, ජල ජීවී ,හද බිම අධිකාරියා ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.