රාජ්‍ය ආයතන සදහා තොරතුරු සහ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය හදුන්වා දීමත්, සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් එම ප්‍රතිපත්තිය තම ආයතන තුල ක්‍රියාත්මක කිරීමත් අරමුණ කරගනිමින් හා සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමක් හා පුහුණු කිරීමක් ඊයේ (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සංවිධානය කර තිබුණි.

ඒ සදහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර අංශයේ සයිබර් ආරක්ෂණ ධාරිතා සංවර්ධන පර්‍යේෂණ , ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති කළමනාකරු තිලිණ දිසානායක සහ ජේ්‍යෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු ශෙහාන් මංජුල යන මහත්වරුන් විසිනි.

ඒ අනුව තම ආයතන තුලත්, පෞද්ගලික පරිහරණයේදීත් දත්ත, තොරතුරු , පරිගණක ජාල, පද්ධතීන් සහ යෙදවුම් භාවිතයේදී පවතින අනාරක්ෂිත අවස්ථා සහ ඒ සදහා ගතහැකි ආරක්ෂණ ක්‍රමවේද පිලිබද නිලධාරීන් දැනුවත් කෙරිණි.

දිස්ත්‍රික් පුහුණු ඒකකය මේම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්, මාණ්ඩලික නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන් , තොරතුරු තාක්ෂණ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.