වකුගඩු රෝගය හා රෝග නිවාරණය සම්බන්ධයෙන් සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරිමේ වැඩසටහනක් අද (07)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වර්තමානය වන විට වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවය, වකුගඩු රෝග කල්තියා හදුනාගැනිම, ඒ සදහා ඇති පරීක්ෂණයන් මෙන්ම නිවැරදි ආහාර රටාවන් හා වර්යාවන් මගින් වකුගඩු රෝග වලක්වා ගැනීම පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍ය පවනී රත්නායක හා සුදර්ශනී චතුරිකා යන මහත්මීන් විසින් මෙහිදී පැහැදීලි කෙරිණි.
වකුගඩු ආධාර ලබා දීමේදී සමාජ සේවා නිලධාරීන් වකුගඩු රෝගය පිළිබදව දැනුවත්ව සිටිමත්, වකුගඩු දිමනා ලබා දිමේ දී අදාල ආකෘතික පත්‍ර සමග කටයුතු කිරිමේදී මෙම වැඩසටහන මගින් මහත් පිටිවහලක් ලැබෙන බවත් දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි සරත් රණවීර මහතා මෙහිදි පැවසීය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව , කෑගල්ල මහ රෝහල එක්ව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා පරිපාලන නිලධාරීනී යාමිණි රත්නායක මහත්මිය, පලාත්සභා ඡ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරීනී ඉන්දුමාලා අබේසිරිවර්ධන මහත්මිය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු සමාජ සේවා නිලධාරීන් , සමාජ සේවා අංශයේ සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් එක් වුහ.