කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්. එස්. තිලකසිරි මහත්මාගේ පූර්ණ අධීක්ෂණයෙන් හා සම්බන්ධීකරණයෙන් යුතුව සංවිධානය කළ ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.03.07 දින පැවැත්වුණේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත (ඉඩම්) මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි.

මෙතෙක් විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට අනුගතව සිටි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි රාජකාරි කටයුතු කළ සියලු නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දැනුම් දීම මත ප්‍රදේශීය ලේකම්තුමන්ලාගේ අධීක්ෂණය යටතේ නිශ්චිත රාජකාරී ලැයිස්තුවකට 2025.04.01 දින සිට කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් රාජකාරි කටයුතුවල නිරත කරවීම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ඒ ඒ ආයතනවල විෂය පථය හඳුන්වාදී ඔවුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලෙසයි මෙම වැඩසටහන පැවැත්වුණේ.
රාජකාරි කටයුතුවල නිරත වන කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමටත්, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන කාර්යයන් හා සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමත් මෙහිදී සිදු වුණා. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ආරාධිත සම්පත් දායකයින් ලෙස සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ නිල්මා රාජපක්ෂ මහත්මිය , කෘෂි ව්‍යවසායකයින් සඳහා ව්‍යාපෘති හඳුනා ගැනීම හා කළමනාකරණය පිළිබඳ දේශනයක් කළ පේරාදෙණිය, ගන්නොරුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන ප්‍රේමසිංහ මහත්මා, ව්‍යාපෘති කළමනාකරණය සඳහා සන්නිවේදන භාවිතය මැ⁣⁣යෙන් පේරාදෙණිය, ගන්නොරුව, ජාතික කෘෂිකර්ම හා තොරතුරු සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අජිත් ගුණසේකර යන මහත්ම මහත්මීන් මෙහිදී සහභාගි වුණා.
මෙම වැඩසටහන පිළිබඳ අරමුණ පැහැදිලි කළ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත මහතා පවසා සිටියේ වගාවන්ට හානි කරන අළු වඳුරා, රිලවා, මොනරා සහ දඬුලේනා සම්බන්ධයෙන් මාර්තු මස 15 වැනි දින පෙ. ව 8. 00 සිට පෙ. ව. 8.05 දක්වා කාලසීමාව තුළ සිදු කරන වන සතුන් පිළිබඳ සමීක්ෂණය මෙම නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය, දායකත්වය, වගකීම මත සිදු කිරීමට හැකිවීම අගය කළ යුතු බවයි. මෙම සමීක්ෂණය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පෝරම මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබෙන්නට සලස්වා ඇති බවත් ඉල්ලා ඇති ප්‍රමාණයට වඩා සුළු පෝරම සංඛ්‍යාවක් වැඩියෙන්ද සෑම පවුලකටම ලැබෙන පරිදි ලබා දී ඇති බවත් එතුමන් විසින් පැහැදිලි කරන ලදී.
එදින වැඩසටහනට සහභාගි වූ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශයේ රාජකාරී කටයුතුවල නිරත නිලධාරීන්ට ඔවුන්ගේ සේවාව අගයමින් ප්‍රශංසා සහතික පත්‍ර පිරිනැමුණු අතර දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයේ සියලුම නිලධාරීන් සහභාගි වූ මෙම වැඩසටහන සාර්ථක එක් දින වැඩමුළුවක් ලෙස අවසන් වුණා.1

4

5

6

7

8