කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි කාර්මික ප්‍රගතිය පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අද (11) පස්වරුවේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
වන සත්ව සංගනනය සඳහා සියල්ල සූදානම් බවත් නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඒ සඳහා නිලධාරීන්ගේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මේ මස පහළොස්වන දින උදෑසන 8 .00 සිට 8.05 දක්වා වන කාලසීමාව අතර කාලය තුළ තම ගෙවත්තට හෝ කාර්යාල භූමියට පැමිණෙන සතුන් ගණනය කර ලබාදී ඇති අදාළ පෝරමයේ සටහන් කර ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෙත ආකෘති පත්‍රය ලබා දීමට කටයුතු කළ යුතු බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්. තිලකසිරි මහතා පැවසීය.
කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා පොල් ඉඩම් ලබා නොදීමට ඉදිරියේදී කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්තුමන් කෘෂිකර්ම කමිටුව වෙත දන්වා ඒවා ඇති අතර අනතුරුදායක තත්ත්වයේ පවතින පොල් ගස් ඉවත් කිරීමේදී වුවද පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්ගේ නිර්දේශය ලබා ගත යුතු බව මෙහිදී හෙළි විය.
වී වගාවේ අස්වැන්න වැඩි කිරීමට පුරන් කුඹුරු අස් වැද්දීම මගින් මෙන්ම දැනට වගා කරඇති කුඹුරු නව තාක්ෂණික හා ශිල්පිය ක්‍රම යොදා ගැනීම තුළින් හැකි බවත් පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමිය පැවසීය.පුරන් කුඹුරු අක්කර 57ක් අස්වැදීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතීන බවත් දැනට වගා කර ඇති ඒකකයක වර්ගඵලයේ අස්වැන්න වැඩි කිරීමට අවශ්‍ය පස් පරීක්ෂා කර පොහොර යෙදීමට අවශ්‍ය කටයුතු සූදානම් බවත් එතුමිය වැඩි දුරටත් සඳහන් කළාය.
මේ වසරේ සිට පොල් වගාව සඳහා පොහොර සහනාධාරය ක්‍රියාත්මකය.ඒ අනුව අස්වැන්න ලබා ගන්න ගස් සඳහා අක්කර කාලේ සිට අක්කර පහ දක්වා ඉඩම් සඳහා පමණක් සහනාධාර හිමි වේ. ඒ සඳහා අවශ්‍ය අයදුම් පත්‍ර ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන අතර 50kg මිටියක් රුපියල් 4000 ක සහන මුදලකට ලබාදීමට නියමිත බව පොල් සංවර්ධන මණ්ඩලයේ සඳහන් කරයි.
2025 වසරේ දිස්ත්‍රික් කෘෂි කර්ම අංශයේ, සැලසුම් අංශයේ , දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ ,සුළු අපනයන භෝග වගාවේ, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ,පශු සම්පත් හා සත්ව නිෂ්පාදන අංශයේ , ජල ජීවී අංශයේ ඉදිරි සැලසුම්ද මෙහිදී ඉදිරිපත් කෙරුණි.
මේ අවස්ථාවට,ප්‍රාදේශිය ලේකම්තුමන්ලා, , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ,කෘෂි ක්ෂෙත්‍රයට අයත් ආයතනවල ප්‍රධානීන් , ගොවිජන සේවා මධ්‍යස්ථාන වල නිලධාරීන් ,ගොවි සමිති වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.





















