රසායනික,ජීව විද්‍යාත්මක , විකිරණ හා න්‍යෂ්ටික අපද්‍රව්‍ය ආපදා අවධානම් අවම කිරිම සම්බන්ධව දිස්ත්‍රික් පාර්ශවකාර හා ආයතන සම්බන්ධීකරණ කරමින් පවත්වන ලද කෑගල්ල දිස්ත්‍රික් පළමු සාකච්ඡාව අද (11) පෙරවරුවේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ආපදා අවධානම් අවම කිරීම (CBRN) සම්බන්ධ දිස්ත්‍රික් පාර්ශවකාර ආයතන සහ කේන්ද්‍රිය නිලධාරීන් හඳුනා ගැනීමත්, දිස්ත්‍රික් මට්ටමින් දත්ත පද්ධති සකස් කිරීමට අදහස් කර ඇති අතර ඊට අදාල රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් එම කාර්යභාර්ය සකස් කර ගැනීමට කටයුතු කිරීමත් මෙම හමුවේ මූලික අරමුණ විය.
ව්‍යසන කළමණාකරණ පනත ඔස්සේ සිදුවීමට නියමිත ව්යසයනක හෝ ප්රතිවිපාකයක බලපෑම අවම කිරිම සදහා ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වේ.ඒ යටතේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ආපදා සිදු වීමට පෙර එම අවධානම් කළමණාකරණය ගැනීම හා ව්‍යසන අවස්ථවේ හා ඉන් පසුව කටයුතු කිරීම පිළිබඳ දැනුවත් වීම තවදුරටත් සිදු විය යුතුය.ඒ සම්බන්ධව මෙහිදී දැනුවත් කිරීම ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ශාන් පතිරණ මහතා විසින් සිදු කරන ලදි. අනතුරුව මෙම සාකච්ඡාව සඳහා එක්වූ ඒ ඒ කේෂත්රයන්ට අදාල නිලධාරින් තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට කටයුතු කෙරිණි. එම අදහස්ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී දිස්ත්‍රික්කයේ ආපදා අවධානම් අවම කිරිම සඳහා ඒකාබද්ධව කටයුතු සැකසිම අපේක්ෂාවයි.
මෙම දැනුවත් කිරීමේ හමුව සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ අනුර විරාජ් දිසානායක මහතා ඇතුලු එම අංශය විසිනි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික ලේකම්(පාලන) කුසුම් බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) දිලීප් නිශාන්ත , දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.විරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ එම්.එස් තිලක්සිරි යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන්, කෑගල්ල හා මාවනැල්ල ගිනි නිවීමේ ඒකක, කලාප අධ්‍යාපන, ආරක්ෂක අංශ, පලාත් පාලන, සෞඛ්‍ය සේවා, කාර්මික සංවර්ධන, කුඩා ව්‍යාපාර යන කේෂත්රවලට අයත් රාජ්‍ය නිලධාරීන්, රසායනික ද්‍රව්‍ය භාවිතා කරන පෞද්ගලික ආයතන හා ව්‍යාපාරිකයින්, CBRN ආපදාවන් හා සම්බන්ධ කටයුතු කරන කේනද්‍රීය නිලධාරීන් හා පාර්ශවකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

























