මාර්තු 08 වන දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්වූ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා දින සැමරුම අද පෙරවරුවේ දී (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. "තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මඟක් " තේමාවෙන් සැමරූ මෙවර කාන්තා දිනයේ දි දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවායිකාවන් තිදෙනෙකු ඇගයිමට ලක් කිරීම විශේෂත්වයකි.


ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ අතරින් හොඳම ව්‍යවසායිකාවන් තේරීමේ තරඟයෙන් මෙම වසරේ තෙවන ස්ථානය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි බෑග් නිෂ්පාදන කේෂත්‍රයේ නිරත රමණි පද්මකාන්ති මහත්මියද, දෙවන ස්ථානය ආහාර විජලන ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනූෂා උදයංගනී මහත්මිය ද හිමි කර ගත්තා ය. 2025 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායිකාව ලෙස තේරි පත් වූයේ ආහාර විජලනය කිරිම හා නිෂ්පානය කිරීමේ ව්‍යවසායිකාවක් වන වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පී.ජී.එම්.ඒ.පී පිටියේගෙදර මහත්මියයි.මෙහිදී ඔවුන්ට ත්‍යාග ලබා දෙමින් ඇගයීමට ලක් කෙරිණි.
මෙවර දිස්ත්‍රික් කාන්තා දින සැමරුමෙහි විශේෂ දේශනය සිදු කරන ලද්දේ සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් කස්තුරිසිංහ මහතා විසිනි.ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය හා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම්වලදී කාන්තා නියෝජනයේ වැදගත්කම ඒ මහතා විසින් පැහැදිලි කරන ලදී.
එමෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් සදහා ක්‍රියාත්මක ණය වැඩසටහන් පිළිබඳවද මෙහිදි කාන්තාවන් දැනුවත් කළ අතර ඒ සඳහා ලංකා බැංකුවේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී අනුරාධ විජේරත්න හා මහජන බැංකුවේ ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී සචිත්‍රා ලියනගේ යන මහත්ම මහත්මීන් එක් වූහ.
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන තුලින් ක්ලීන් අප් එකක් කර ගන්නා ආකාරය හා රූපලාවන්‍ය පාඨමාලා පිළිබඳව ද මෙහිදි දැනුවත් කළ අතර ඒ සඳහා එක් වූයේ හර්බ් ලයින් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී සමන් විජේමාන්න මහතා ඇතුලු පිරිසයි.
මෙවර දිස්ත්‍රික් කාන්තා දින සැමරුම සඳහා අනුග්‍රහය දැක්වූයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය , හර්බ් ලයින් ආයතනය, සහ ලංකා බැංකුවයි.
මෙම සැමරුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරි මනෝරි දෙහිමඩුව මහත්මිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වනිතා සංවර්ධන නිලධාරීන් එක්ව සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් මනෝ උපදේශන නිලධාරී රේණුකා ජයරත්න යන මහත්මීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වනිතා සංවර්ධන නිලධාරීන්,කාන්තා බල මණ්ඩලවල කාන්තාවන් ඇතුලු පිරිසක් එක් වූහ.

1

2

4

5

6

7

8

9

10