කෑගල්ල නව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් ලෙස එච්.එම්.ජේ. එම්. හේරත් මහතා අද දින 2025.03.12 පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.
සිය මූලික අධ්‍යාපනය නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් ලබා ගත් ඒ මහතා අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යාව පිලිබද විද්‍යාවේදී උපාධියත් ,වයඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිලිබදව ගෞරවවේදී උපාධියත් ලබා ඇත.
2003 වසරේ පරිපාලන සේවයට එක් වූ ඒ මහතා කැබිලිතිගොල්ලෑව, තිරප්පනේ ,ගල්ගමුව සහ මහව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් පරිපාලන කේෂත්රයේ අත්දැකීම් රැසක් ලබා ඇත.තවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) හා කර්මාන්ත අමාත්‍යංශයේ අධ්යක්ෂ යන තනතුරුවල ද රාජකාරි හොබවා ඇති ඒ මහතා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස රාජකාරී ඇරැඹීමට පෙර ඒ මහතා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරෙහි කටයුතු කර ඇත.



























