“එක මිටට ගොවි බිමට , වී කරලට තව ඇටයක්” වැඩ සටහන යටතේ නව පරම්පරාවේ පොහොර වර්ග හදුන්වාදීමේ හා පරිසර හිතකාමී වගාව පිළිබඳ ගොවීන් හා නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ සටහනත් අද (14) වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වැවිලි, අපනයන, එළවළු, පළතුරු, හා වී වගාව යන බෝගයන් සඳහා නිර්දේශිත සමස්ත දළ පොහොර අවශ්‍යතාවය 45000 Mt පමන වන අතර ඉන් ගොවීන්ගෙන් වාර්ෂිකව 13000 Mt පමන ඉල්ලුමක් පවති. නමුත් විවිධ හේතුන් මත දිස්ත්‍රික්කයට සපයනු ලබන්නේ 10000 Mt වඩා අඩු ප්රමාණයකි.
බෝග සඳහා පොහොර යෙදීම සමිබන්ධව ගොවීන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරිමත්, පරිසර හිකතාමීව වැඩිදියුණු කළ පොහොර භාවීතා කරවීමත් මගින් ජාතික නිෂ්පාදිතයට ගුණාත්මක හා ප්‍රමාණාත්මකව කෘෂිකාර්මික නිෂ්පාදන වල දායකත්වයක් ලබා දීමට කටයුතු කිරිම මෙම වැඩ සටහනේ අරමුණයි.
මෙහිදි බවර් වෙළද සමාගම විසින් වැඩි දියුණු කළ පොහොර වර්ග, යෙදෙන ආකාරය හා ඒවා කෙරෙහි බෝගය දක්වන ප්‍රතිචාරය පැහැදිළි කිරිමක් මෙහිදි සිදු කෙරිණි.
මෙම වැඩසටහන වරකාපොල නිව් නැෂනල් ට්‍රේඩර්ස් ආයතනයේ අනුග්‍රහය මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පොහොර අංශය හා වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝජ් කුමාර රාජපක්ෂ, වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව, කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්යක්ෂ එස්. එම්. තිලකසිරි, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියොජ්‍ය අධ්යක්ෂ ඩබ්ලිව්. සරත් සුමනදාස, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියොජ්‍ය අධ්යක්ෂ ටි. එමි. එන් . තෙන්නකෝන් යන මහත්වරුන් බවර සමාගමේ නියෝජිතයින්, ගොවි මහතුන්, කෘෂි ක්ෂෙත්රයට සම්බන්ධ නිලධාරීන් ඇතුඵ පිරිසක් එක් වුහ.




























