අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිශන් සභාවේ මෙහෙයවීම මත "මිත්‍රෝපදේශන" සංකල්පය හදුන්වා දීමේ වැඩසටහනක් ඊයේ (21) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සංවිධානය කර තිබුණි.
වඩා කාර්‍යක්ෂම , ගුණාත්මක , ඵලදායී හා සන්නිවේදනගත සමථකරණ ක්‍රියාවලියක් සදහා සමථ මූල මණ්ඩලවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් සදහා මෙම මිත්‍රෝපදේශන සංකල්පය හදුන්වා දීම මේ යටතේ සිදුවිය.
න්‍යායාත්මකා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම වැඩමුළුව සදහා මූල්‍ය අනුග්‍රහය ආසියානු පදනම ලබා දී තිබුණි.
දිස්ත්‍රික් සමථ ඒක්කය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට මහා සංඝ රත්නය, දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජගත් හේරත් , අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන්, දිස්ත්‍රික් සමථ ඒකකයේ නිලධාරීන් , සමථ මූල මණ්ඩල සභාපතිවරුන් හා උප සභාපතිවරුන් ඇතුලු පිරිසක් එක් වූහ.
























