දිස්ත්‍රික් පුහුණු ඒකකය සංවිධානය කල ග්‍රාම නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහනක් මාර්තු මස 21 වන දින කෑගල්ල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය පැවැත්විණි.
අදියර තුනක් යටතේ පවත්වන මෙම වැඩසටහනෙහි පළමු වැඩසටහන ලෙසින් මෙය සිදු කල අතර ඒ සදහා කෑගල්ල, ගලිගමුව , රඹුක්කන , මාවනැල්ල, අරණායක , වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ග්‍රාම නිලධාරීහු පිරිසක් එක් වූහ.
මේ සදහා සම්පත්දායකත්වය කෑගල්ල දිස්ත්‍රික් මනෝ විද්‍යා උපදේශන නිලධාරි රේණුකා ජයරත්න මහත්මිය හා කෑගල්ල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල් ලීලවංශ මහතා විසින් ලබා දුන්හ.
සමාරම්භක අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජගත් හේරත් , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

1

2

3

4

5

6

7

8

9