දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රාජකාරි සිදු කරන විදේශ රැකියා නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලීමක් මාර්තු 26 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.


එහිදී විගමණික පවුල්වලට අදාලව පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම, පවුල් පසු විපරම් කටයුතු , ශ්‍රමික සුරැකුම් වැඩසටහන් , සුරක්ෂිත සංක්‍රමණ පිලිබද වැඩසටහන් හා විගමණික ශ්‍රමික පවුල් ඇසුරෙන් සිදු කිරීමට අපේක්ෂිත හා දැනටමත් ස්වයං රැකියාවන්හි නියැලෙන පිරිස් සදහා ක්‍රියාත්මක වැඩසටහනන් , ඉදිරි සැලසුම් හා ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මට්ටමින් ක්‍රියාත්මක මෙම කාර්තුවට අදාලව ප්‍රගතිය කෙසේද යන කාරණා සාකච්ඡා කෙරිණි.
මෙම හමුව විදේශ රැකියා පිලිබද දිස්ත්‍රික් සම්බන්ධීකාරක හරේන්ද්‍ර උඩුමුල්ල මහතා ඇතුලු එම අංශය විසින් සංවිධානය කරන ලදී.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) දිලීප් නිශාන්ත මහතා සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ රැකියා නිලධාරීන් , සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

1

2

3

4

5

6

7

8

9

10