ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පදනම්ව හිංසනයට ලක්වන කාන්තාවන් සහ ළමුන් සදහා සේවා සපයන රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් මාර්තු මස 28 වන දින කෑගල්ල කලුගල්ල මාවතේ රතුකුරුස සමාජ ශාලාවේදී පැවැත්විණි.
මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, UNFPA,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ වනිතා සංවර්ධන නිලධාරී මනෝරි දෙහිමඩුව මහත්මිය විසිනි.
මේ සදහා සම්පත් දායකත්වය නීතිඥ රාදිකා ගුණරත්න මහත්මිය විසින් ලබා දුණි.
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී මහත්මිය හා සෞඛ්‍ය, සමාජ සේවා,වනිතා,උපදේශන, පරිවාස නිලධාරීන් ,නීති ආධාර කොමිසමට අදාල නිලධාරීන් ,සීතාවක කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගී වුහ.






















