දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ඉලක්කගත වැඩසටහන්හි ප්‍රගතිය විමසා බැලෙන මෙම වසරේ පළමු කාර්තුවට අදාල සංස්කෘතික නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අප්‍රේල් 01 වන දින දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දොළොස් මහේ පහන වැඩසටහන්ට අදාළව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ මෙහිදී නිලධාරීන් විසින් ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී.
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජයරත්න මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය මෙම හමුව සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය, මධ්‍යම රජය හා පළාත් සභාවට අනුයුක්තව සිටින සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ වර්ෂයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ දොලොස් මහේ පහන වැඩසටහන යටතේ ජන ක්‍රීඩා ජනගත කිරීමේ වැඩසටහනට යටතේ සංස්කෘතික කිලධාරීන් සදහා ජන ක්‍රිඩා පුහුණු වැඩමුළුවක්ද ඊයේ දිනයේදීම කැගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
මේ සදහා සම්පත්දායකත්වය දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි කාංචකා විජේරත්න ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී දීපානි විරසූරිය.නැටුම් ශිල්පි ධම්මිකා රංජනී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් වරකාපොල සංස්කෘතික නිලධාරි මහේෂ් අමරකෝන්, පුෂ්පා විජේතුංග , යටියන්තොට සංස්කෘතික නිලධාරි කුමුදු ධර්මරත්න, රුවන්වැල්ල සංස්කෘතික නිලධාරී ඩි. වී. ආර් දසනායක , මාවනැල්ල සංස්කෘතික නිලධාරී කුමුදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සියදායකත්වය ලබාදෙන ලදි. මෙම වැඩ සටහන මගින් දිස්ත්‍රික්කය තුළ ජන ක්‍රිඩා ජනගත කිරීමට අවස්ථාව සැලසේ.

























