ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ ආබාධ සහිතවූවන්ගේ ජාතික ආධුනික ක්‍රීඩා උළෙල 2025 මාර්තු 04 දින හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙවර එම තරගාවලිය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරගකරුවන් නව දෙනකු සුදුසුකම් ලැබූ අතර ඔවුන් අතරින් ක්‍රීඩකයන් තිදෙනෙකු සමස්ත ලංකා ජයග්‍රහණ තුනක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව කඳ කොටස සහ පාදවල ක්‍රියාකාරිත්වය අඩු තැනැත්තන්ගේ කාණ්ඩය යටතේ තරග කළ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිසාරා ජයසිංහ ක්‍රීඩිකාව යගුලිය දැමීම තරඟය ඉසව්වේ ප්‍රථම ස්ථානය සහ කව පෙත්ත විසි කිරීමේ තරගය සව්වේ සමස්ත ලංකා දෙවන ස්ථානය හිමිකර ගත්තාය. එමෙන්ම පූර්ණ දෘෂ්‍යාබාධ කාණ්ඩ යටතේ තරග කළ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එම්.එම්.එම් අස්මාන් ක්‍රීඩකයා කව පෙත්ත විසිකිරීමේ තරග ඉසව්වේ සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගත්තේය.
ප්‍රථම ස්ථානයට හිමි ජයග්‍රහණය වෙනුවෙන් රුපියල් 20,000ක මුදලක්, ත්‍යාග හා සහතික පත් ද ,දෙවන ස්ථානය හිමිකරගත් තරගකරුවන් සඳහා රුපියල් පහළොස් දාහක මුදලක් සහ ත්‍යාග හා සහතිකද පිරිනැමිණි.
දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුළු සමාජ සේවා නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයට ජාතික මට්ටමේ ජයග්‍රහණය ගෙන ආ සියලුම ක්‍රීඩක ක්‍රීඩකාවන්ට උණුසුම් සුබ පැතුම් පළ කර සිටිමු.




















