චිරාගත සම්ප්‍රදායානුකූලව සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල් තැන දෙමින් 2025 වර්ෂයේ සිංහල දෙමළ අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ උත්සවය ඊයේ (16) දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන්.
හිසතෙල් ගෑමේ කාර්යය සිදු කිරීම සඳහා පැමිණි ආරාධිත පාරම්පරික වෛද්‍යාචාර්ය සහ ජෝතිෂ්‍යවේදී හේමචන්ද්‍ර විජේසිංහ මහත්මාගේ අතින් සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ පූර්ව භාග 9.04 ට යෙදුණු සුභ මොහොතින් හිසතෙල් ගෑමේ කාර්ය සිදුවුණා. මෙම හිසතෙල් ගෑමේ උත්සවයට සමගාමීව දිවුල්, ගොරකා, පැණි දොඩම්, මාදං, දෙළුම්, නික, පැණිවරකා, කරඳ ආදී පැල වර්ග බෙදා දීමද මෙහිදී සිදු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක අසංකා අබේගුණවර්ධන මහත්මිය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම අංශවල මාණ්ඩලික නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගි විය.






























