මානව හිමිකම් කොමිෂන් සභාව මෙහෙයවීම මත මානව හිමිකම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් මැයි සම 16 වන දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පළමුව වැඩසටහන වෙනුවෙන් සපැමිණි සියලු දෙනා පිළිගැනීම මානව හිමිකම් කොමිෂන් සභාවේ මානව හිමිකම් නිලධාරී විශ්වනාත් ගුණසේකර මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව වැඩසටහනෙහි අරමුණ පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් රංජිත් උයන්ගොඩ මහත්මා විසිනි.
මානව හිමිකම් කොමිෂන් සභාව සතු කාර්ය භාරය හා ක්‍රියාපටිපාටිය පිළිබඳ අදහස් දැක්වීම එහි අධ්‍යාපන හා විශේෂ වැඩසටහන අංශයේ අධ්‍යක්ෂ මේනකා හේරත් මහත්මිය සිදු කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව පෙන්වාදීම එහි කොමසාරිස් නිමල් පුංචි හේවා මහතා විසින් සිදු කරන ලදී. පැමිණ සිටි ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මානව හිමිකම් මෙන්ම නෛතික ක්‍රියාපටිපාටින් සම්බන්ධව මනා අවබෝධයෙන් පසුවද වර්තමානයේ ඇතිවන නව ප්‍රවණතා හමුවේ තවදුරටත් එම දැනුම විස්තාරණය කිරීම මෙහිදී විශේෂ අරමුණක් විය.
විශේෂයෙන්ම මෙම වැඩසටහන සඳහා සහභාගීවූවන්ට මානව අයිතීන් රැකීම සහ කඩකිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කය තුළ පැන නැගී ඇති ගැටලු සහ එම ගැටළු විසඳා ගැනීම සඳහා මැදිහත්වීමට අදාළ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාමය වටයක් පැවැත්වූ අතර එය මෙහෙයවීම එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අධීක්ෂණ හා සමාලෝචන )නිහාල් චන්ද්‍රජිත් මහතා විසින් සිදු කෙරිණි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ පූර්ණ ප්‍රතිපාදන සහ මෙහෙයවීම මත සිදුකළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ඔස්සේ ලබාගත් යෝජනා හා අදහස් මත ඉදිරියේදී කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලීමට මෙහිදී තීරණය කෙරිණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජගත් හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන්, මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.




























