වෙසක් සතිය නිමිත්තෙන් පසුගිය දින කිහිපය තුළම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව ඩබ්ලිව්. ඒ සූරිය බණ්ඩාර මහතා අධ්‍යක්ෂණය කළ චත්තපාණී වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීම සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම අංශ නියෝජනය වන පරිදි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් "සදහම් ධාරා බැති ගී සරණිය" දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුලු එම අංශයේ සංවිධානයෙන් අද මැයි මස 16 වන දින පැවත්විණි.
එමෙන්ම මෙම වෙසක් සතියට සමගාමීව දිස්ත්‍රික් සමෘද්ධි අංශය විසින් කඩල දන්සැලක් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සම්මාදමෙන් සව් දන්සැලක්ද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව තිබුණි.
මෙම සියලු අවස්ථාවන් සඳහා දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජගත් හේරත් මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.












































